නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර දිස්ත්‍රික් කළමනාකාර සහකාරවරුන් සදහා පුහුණු සැසියක්

    සැප්තැම්බර් 16, 2015
     
    "රාජ්‍ය සේවය පිළිබඳ මෙතෙක් ඔබ අසා ඇති විවිධ ආකාරයේ ප්‍රසන්න හා අප්‍රසන්න අත්දැකීම් හා ස්වභාවයන් මුළුමණින්ම බැහැර කොට නව චින්තනයක් උකහා ගැනීමේ අරමුණින් ඔබ සැම මේ පුහුණු සැසිය සඳහා අධිෂ්ඨානගීලීව සුදානම් විය යුතුයි." එසේ පැවසුයේ  රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා විසිනි. 
    රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් පත්විම් ලැබූ නවකයින් 138 දෙනෙකු වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පසුගියදා පැවැති 
    සේවාරම්භක පුහුණු සැසියට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
     
    තව දුරටත් අදහස් දැක්වු දිස්ත්‍රික් ලේකම්වරයා  , රාජ්‍ය සේවයට ඔබ තෝරාගෙන ඇත්තේ ඔබ තුළ වු සුවිශේෂි  හැකියාවන් නිසයි. වෙනත් ලෙසකින් පැවසුවහොත් ඔබ වැඩි ලෙස පිං කර 
    ඇති නිසයි. ඔබ මේ දක්වා යම් යම් අවශ්‍යතා සඳහා ග්‍රාම නිලධාරී, ප්‍රාදේශිය ලේකම් ඇතුලු රාජ්‍ය නිලධාරීන් හමු වී ඇති බව නිසැකය. ඔවුන් පිළිබඳ විවිධ ප්‍රතිරූප ඔබ තුළ තිබේ. ඔබ 
    මුහුණ දුන් ඇත්දැකීම් ප්‍රසන්න නම් රාජ්‍ය සේවය පිළිබඳ ඔබ තුළ ඇත්තේද ප්‍රසන්න හැගීමකි, 
     
    ආකල්පයකි. අනෙක් අතට ඔබ තුළ ඇති අත්දැකීම වනුයේ තමා ලගට එන අයට හිරිහැර කරන රස්තියාදු කරවන ආකාරයේ අත්දැකීමක් නම් ඔබ තුළ තිබෙන්නේ රාජ්‍ය සේවය යනු එබඳු ආකාරයට ක්‍රියාත්මක විය යුතු එකක්ද යන්නය.
     
    එම වැරදි අප්‍රසන්න ආකල්පය ඔබ මුළුමනින්ම සිතෙන් බැහැර කරගෙන මෙම දින 10 යේ පුහුණු සැසියට සහභාගී වීමෙන් හොද සේවාරම්භයක් සඳහා පදනම ඔබ තුළ ගොඩ නැගෙනු 
    ඇත.පත්විම් ලබා දුන් පසු නියම කරනු ලබන ස්ථානයේ ඔබ සේවය කල යුතුයි.
     
    රජයක් සෑම විටම ස්ථාපිතව පවතී. ඡන්දයෙන් පත්වන්නේ ආණ්ඩුවයි.ආණ්ඩුව හා රජය යනු දෙකකි. රජය ස්ථාවරය,ඊට නිශ්චිත භුමි ප්‍රමාණයක් තිබේ. ශ්‍රි ලංකාවේ රාජ්‍ය බල ප්‍රදේශය ගොඩ බිමෙන් පරිපාලන දිස්ත්‍රික්ක 25 න්ද දේශිය ජල තීරයෙන්ද සමන්විත වේ.මේ තුළ ක්‍රියාත්මක වන්නේ ශ්‍රි ලංකා රාජ්‍ය නීතියයි.විවිධ ජනවර්ග විවිධ සංස්කෘතීන් අනුගමනය කරමින් මෙරට තුළ දිවි ගෙවති. ඔබ වෙතට එන මේ සියලු දෙනාටම තරාතිරම නොබලා ඔවුන්ගේ අවශ්‍යතාව නිහතමානීව ඉටුකර දි ඔවුන් තෘප්තිමත් හැගීමෙන් යුතුව ආපසු යැවීම ඔබ සතු යුතුකම හා වගකීමයි.
     
    මෙහිදී පූර්ව ආගමික වතාවත් රත්නපුර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී පූජ්‍ය පාද ගලගම උදිත ස්වාමීන් වහන්සේ  විසින් සිදු කළ අතර රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 
    පරිපාලන අංශය මගින් මේ උත්සවය සංවිධානය කර ඇත.
     
    AP/DMU-Ratnapura
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya