රාජ්‍ය කළමනාකරණ සේවයේ පැවති පුරප්පාඩු සපුරාලීම සදහා ඉකුත්දා පැවති තරග විභාගයකින් මෙම පිරිස තෝරාගන ඇති අතර, එහිදී මහනුවර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයන් 161 ක් පත්වීම් ලබා ගැනීමට සුදුසුකම් සපුරා තිබේ.
ඒ අනුව දින 10 ක කාලයක් මහනුවර පුහුණු මධ්‍යස්ථාන තුනකදී ඔවුන්ට පුහුණුව සැපයෙන අතර, ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසී, රාජ්‍ය සේවකයන්ගේ විනය සහ ලිපි ගොනු පවත්වාගෙන යෑම ඇතුළු විෂය කාණ්ඩ 20 ක් ඔස‍්සේ මෙම පුහුණුව ලබා දේ. පුහුණුවෙන් අනතරුව ඔවුන් නැවත රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලන පිළිබද අමාත්‍යංශය මගින් දිවයින පුරා පුරප්පාඩු පවතින රජයේ ආයතන වෙත යොමු කිරීමට නියමිතය.
AP/DMU-Kandy