ඇය මෙම අදහස් ප්‍රකාශ කළේ පසු ගිය 10 දා මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්විමේදී කාබනික පොහොර භාවිතයට ගොවීන් යොමු කිරිමේ වැදගත් කම පිළිබද විශේෂ දේශනයක් කරමිනි.
පලිබෝධ නාශක වැඩියෙන් යෙදු විට පස නිසරු වන බවත් වැඩියෙන් භාවිතා කළ පලිබෝධ නාශක ජලයට එකතු වී මිනිස් ශරීරයට අහිතකර ලෙස බලපෑම් කරන බවත් රාජපක්ෂ මහත්මිය පැවසීය.
එමෙන්ම ගොවීන් විවිධාකාර ද්‍රව්‍ය සමග පලිබෝධ නාශක මිශ්‍ර කර භාවිතා කරන බවත් එම මිනිස් ශරීරයට අහිතකර ද්‍රව්‍ය වකුගඩු රෝගය වැළදීමට හේතු වන බවට සැකකරන නමුත් වකුගඩු රෝගයට නියම හේතුව තවමත් සොයා ගෙන නොමැති බවද ඇය පැවසීය.
පසේ ස්වභාවය තැනින් තැනට වෙනස් වන අතර පංශු ජීවින් ද තැනින් තැනට වෙනස් වන බවත් ඒ අනුව වගාකරන බෝගද වෙනස් විය යුතු අතර පසට රසායනික පොහොර යෙදවිමට පෙර පස් පරීක්ෂාවක් කර බෝග වගා කරන්නේ නම් ගොවීන්ගේ වගාවන් වඩාත් සාර්ථක කර ගත හැකි බව පෙන්වා දුන් ඇය වැඩි දුරටත් කියා සිටියේ ශාකවලට පෝෂණය ලබා දිමේදී හා පස සංරක්ෂණය කිරිමේ දී පසේ ශාක රදා පැවැත්මේ දී පංශු ජීවීන් ප්‍රයෝජනවත් වන බවය.
පසට රසායනික පොහොර භාවිතා කිරීම වැඩි වීමත් ගොවීන් විකල්ප භාවිතයට යොමු නොවිම සහ පසුගිය වසර 30-40 තුළ පසට කාබනික පොහොර නොයෙදීම තුළින් මේ තත්වය උදා වී ඇත. පසේ සිටින පාංශු ජීවීන්ගේ ප්‍රතිශතය අඩු විම ,රසායනික ද්‍රව්‍ය පසට එකතු කිරිම වැඩි විම, පස නිසරු විමට සහ පරිසර දූෂණයට හේතු වී ඇත. මේ සදහා පිළියම් ලෙස පසට කාබනික පොහොර භාවිතය වැඩි කිරිම, පසට හිතකර ජීවින් වැඩි කර ගත හැකි ආමුතුළක භාවිතා කිරිමේන් පස සරුකර ගත හැකි බවත් ඒ තුළින් වැඩි අස්වැන්නකට ගොවීන්ට යා හැකි වන බවත් පරිසර දුෂණය අවම කිරිමට ද මෙය හේතු වන බව වැඩි දුරටත් අදහස් දක්වමින් කථිකාචාර්යවරිය පැවසීය.
මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් ,අතිරේක දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ ප්‍රසන්න පල්ලේමුල්ල, සහකාර ගොවිජන සේවා කොමසාරීස් පී.ජී. සෝමරත්න, යන මහත්වරුන් , දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම්වරු දිස්ත්‍රික්කයේ කෘෂීකර්ම නිලධාරින් සහ ගොවි සංවිධාන නියෝජිතයින් රුසක් සහභාගි වූහ.
AP/DMU-Matale