දිසාපතිවරයා මෙම අදහස් පළ කළේ අනගාරික ධර්මපාලතුමාගේ 151 වැනි ගුණානුස්මරණ උත්සවය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවති විශේෂ උත්සවයකදීය.
සැමරුම් උත්සවය ආරම්භ කිරීමට පෙර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දලදා මාළිගා පරිශ්‍රයේ තිබෙන අනගාරික ධර්මපාල පිළිරුවට මල් කළඹක් තබා පුෂ්පෝපහාර දැක්වීමද සිචු විය.
එහිදී වැඩි දුරටත් කතා කළ දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේ අනගාරික ධර්මපාලතුමා ගේ චරිතය තුළින් ඉවසිම, නිර්භිතකම මෙන්ම යහපත් චර්යාවන් ගොඩ නැංවීම වැනි ගුණාංග පිළිබදව වත්මන් පරපුරට විශාල මග පෙන්වීමක් සිදු වන බවයි. එබැවින් වත්මන් රජය මගින් අනගාරික ධර්මපාලතුමා සැමරීම සදහා කාර්යාලවල සහ පාසල් ඇතුළු ස්ථාන රැසක මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම ඉතා වටිනා බවද පෙන්වා දෙන ලදී.
අනගාරික ධර්මපාලතුමා වැනි දේශ හිතෛෂීන් නොවන්නට අද අපට කතා කිරීමට බොහෝ දේ ඉතිරි නොවන්නටද හැකියාව
තිබුනු බව ඔහු පෙන්වා දෙන ලදී.
අනගාරික ධර්මපාලතුමා වෙනුවෙන් පවත්වන ලද මෙම සැමරුම් උළෙලේදී ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අස්ගිරි මහා විහාර
පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් අනගාරික ධර්මපාල චරිතය පිළිබද දේශනයක්ද කරන ලදී.
AP/DMU-Kandy