මෙම ඖෂධ නිෂ්පාදනාගාරය මගින්, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ආයුර්වේද රෝහල් සහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය අරිෂ්ට, ආසව (ක්වාත), චූර්ණ, තෙල්, පෙති ගුලි, කල්ක, චූර්ග කුඩු ආදී ඔසු සියල්ල මෙම මධ්‍යස්ථානය තුළ නිපද වේ.
දැනට රත්නපුර, කෑගල්ල, පුස්සැල්ල, කිතුල්ගල, ඇඹිලිපිටිය, වරකාපොළ යන ආයුර්වේද රෝහල්වලද මෙම ඔසු වර්ග කුඩා ප්‍රමාණයෙන් නිෂ්පාදනය කෙරේ. එය සබරගමුව පළාතේ රජයේ ආයුර්වේද රෝහල් සඳහා අවශ්‍ය සමස්ත ඔසු ප්‍රමාණයෙන් සියයට විස්සක් (20% ක) ප්‍රතිශතයකි. මෙම ඔසු නිෂ්පාදනාගාරය තුළින් සබරගමුවට අවශ්‍ය මුළු ඔසු ප්‍රමාණයෙන් සියයට අසුවක් (80%) පමණ නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරයි.
ඒ අනුව මෙම නව ආයුර්වේද ඔසු නිෂ්පාදනාගාරය ඉදිවීමත් සමඟ සබරගමුව පළාතට අවශ්‍ය සියලුම ආයුර්වේද ඔසු පළාත තුළම නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබේ. දැනට සබරගමුව පළාතට වාර්ෂිකව අවශ්‍ය මෙම ඔසු සඳහා රුපියල් කෝටි 5ක් පමණ වැය කර ශ්‍රී ලංකා ආයුර්වේද නීතිගත සංස්ථාවෙන් මිලට ගනී. නව ඔසු නිෂ්පාදනාගාරය ඉදිවීමත් සමඟ පළාතේ තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථා රැසක් විවර වන අතර, රුපියල් කෝටි හතරක පමණ ඉතිරියක් සබරගමුව පළාත් සභාවට හිමි වේ.
මෙම වල්ගම පළාත් ආයුර්වේද ඔසු නිෂ්පාදනාගාරය නිරීක්ෂණය පසුගියදා පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්, ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න, ප්‍රධාන අමාත්‍යංශ ලේකම් බී.එම්.පී.එන්. බෙලිගම්මන, සහකාර ලේකම්වරුන් වන එම්.බී.එස්.එන්. කුමාරගේ, අනුරුද්ධ බණ්ඩාර සහ පළාත් ආයුර්වේද කොමසාරිස් ජී.ඒ.පී. ආරියමාලා යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.
DB/SPC