උතුරු පළාතේ මෙම දැඩි වියළි කාලගුණික තත්ත්වයක් පසුගිය මාස කිහිපය පුරා පැවතුන අතර මෙම වියළි කාලගුණය අවසන් වීමත් සමඟ අධික වර්ෂාවක් ඇදහැලෙමින් තිබේ.
මෙම අයහපත් තත්ත්වය නිසා බොහෝ පීඩාවට පත්ව සිටින්නේ ගඩොල් නිෂ්පාදනයේ නිරතවන පුද්ගලයන් ය. ඔවුන් අධික වර්ෂාවෙන් ගඩොල් ආරක්ෂා කරගැනීම සඳහා කිසිදු උපක්‍රමයක් නොමැති වීමෙන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිති.
මෙම තත්ත්වය තවත් දින කිහිපයක් අඛණ්ඩව පවතියි නම්, සිය කර්මාන්තයේ නිරත වීම සිදු කළ නොහැකි බව කර්මාන්තකරුවෝ පෙන්වා දෙති.