1997 වසරේ සිට 2000 වසර දක්වා ද සෙනෙවිරත්න මහතා කම්කරු අමාත්‍ය ලෙස කටයුතු කළ අතර ඔහු මෙම ධුරය හොබවන දෙවන අවස්ථාව මෙය වේ.
එම අවස්ථාවේ දී මාධ්‍ය ඇමතූ අමාත්‍යවරයා පැවසුවේ පෞද්ගලික අංශයේ කම්කරුවන් 5,500,000ක් සඳහා ආයතනවල වගකීම කම්කරු අමාත්‍යාංශය සතු බව ය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය එස්.බී. නාවින්න, හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න, කම්කරු අමාත්‍යාංශ ලේකම් (කැබිනට්) හේරත් යාපා, කම්කරු අමාත්‍යාංශ ලේකම් (රාජ්‍ය) ගෝඨාභය ජයරත්න, කම්කරු කොමසාරිස් ජෙනරාල් චාන්දනී අමරතුංග සහ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.