නැගෙනහිර කලාපය භාර ඉන්දීය වෙරළාරක්ෂක ප්‍රධානී, ශර්මා මහතා හා නාවික හමුදාපතිතුමන් එහිදී සුහද කතාබහක නිරත වූ අතර, ශ්‍රී ලංකා හා ඉන්දීය වෙරළාරක්ෂක මෙහෙයුම් පිළිබඳ ව සහ දෙරටහි නාවික හමුදා සමග සම්බන්ධීකරණය වීම තුළින් එම මෙහෙයුම්වල සාර්ථකභාවය වර්ධනය කර ගත හැකි ආකාරය පිළිබඳ ව එහිදී ඔවුන්ගේ අවධානය යොමු කෙරිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂක ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග, ඉන්දියානු ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ප්‍රවීන් සිද්ධාර්ත් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ප්‍රකාශ් ගෝපාලන් මහතා ද සහභාගි වූහ.
අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
DB