රත්නපුර පිහිටි සබරගමුව පළාත් සභා සභාපතිවරයාගේ කාර්යාලයේ දී මෙම එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරු දිවුරුම් දෙනු ලැබීය.
කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ලක්ෂ්මන් කොඩිකාර, උපුල් බණ්ඩාර සහ සිරිල් පල්ලෙපොළ යන මහත්වරු ද රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නිමල් විජේනායක සහ කේ.එල්.රත්නායක යන මහත්වරු දිවුරුම් දෙනු ලැබීය.
සබරගමුව විපක්ෂ නායක ධුරය දැරූ වෛද්‍ය තුසිතා විජේමාන්න, පළාත් සභා මන්ත්‍රී ධුරයක් දැරු සුජිත් සංජය පෙරේරා, සන්දිත් සමරසිංහ යන කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ මහත්ම මහත්මීන් හා රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ ඒ.ඒ.විජේතුංග, හේෂා විතාරණ යන මහත්ම මහත්මීන් ද මෙවර පාර්ලිමේන්තුවට පත් වීම නිසා එම ධුර හිස් විය.
එම ධුර දැරූ මහත්ම මහත්මින් එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් සභාවට තේරීපත් වූ අය වෙති. එම පුරප්පාඩු වෙනුවෙන් මෙලෙස නවක මන්ත්‍රීවරු පස් දෙනා දිවුරුම් දෙනු ලැබීය.
ඔවුන් සියලු දෙනාම පසුගිය පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වු අය වන අතර, ඔවුන් ලැබු මනාපවල ප්‍රමුඛත්වය මත මෙම පත් කිරීම් සිදු කර ඇත.
කෑගල්ල දිස්ත්‍රික්කයෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ සබරගමුව පළාත් සභාවේ උප සභාපති ධුරය දැරූ දුෂ්මන්ත මිත්‍රපාල සහ පළාත් සභා මන්ත්‍රී ධුරය දැරු තාරක බාලසූරිය යන මහත්වරු වෙනුවෙන් පළාත් සභා මන්ත්‍රී ධුර දෙකක පුරප්පාඩු පවතී.
DB