සභාපති ධුරය සදහා පළාත් සභා මන්ත්‍රී ඩී. මදියුගරාජා මහතාගේ නමද යෝජනා වු අතර එහිදී, කාර්ය පටිපාටි රීති සංග්‍රහයේ 4 වෙනි වගන්තිය අනුව රහස් ඡන්දයක් පැවැත්වීමට වැඩබලන සභාපති එස්.බී.රත්නායක මහතා තීරණය කරන ලදී. ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඡන්ද 25 ක් නිමලසිරි මහතාටත්, ඡන්ද 22 ක් මදියුගරාජා මහතාටද හිමිවිය. ප්‍රකාශිත ඡන්ද 50ක් වු අතර එයින් තුනක් ප්‍රතික්ෂේප වී තිබීම විශේෂත්වයකි.
මධ්‍යම පළාත් සභා කාර්යාලීය සංකීර්ණයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මිය ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව නව සභාපතිවරයා මධ්‍යම පළාත් සභාවේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
එල්.ඩි. නිමලසිරි මහතා 1993 සිට මධ්‍යම පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජේෂ්ඨ මහජන නියෝජිතයෙකි.
AP/DMU-Kandy
.