මේ යටතේ වැඩ සටහන් රැසක් මධ්‍යම පළාතේ මහනගර සභා, නගර සභා, හා ප්‍රාදේශීය සභාවල සභභාගීත්වයෙන් පැවැත්වේ. මෙම සතිය තුළ විවිධ රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් ජංගම සේවාවන් පැවැත්වීමටද කටයුතු යොදා ඇත.
එමගින් මහජනතාවට පලාත් පාලන ආයතන මගින් ලබාදෙන සේවාවන් පිළිබද දැනුවත් කිරීම හා අදාල කටයුතු ඉටුකර දීමට පියවර ගෙන ඇත. අධ්‍යාපනය හා පුස්තකාල සංවර්ධනය, පරිසර හා රුක් රෝපණ වැඩසටහන්, පළාත් පාලන ආයතනවල ආදායම් ප්‍රවර්ධනය, මහජන සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, ක්‍රීඩා කටයුතු හා මහජන උපයෝගිතාවය ඇතුළු විෂයන් රැසක් සම්බන්ධයෙන් මෙම පළාත් පාලන සතිය තුල විවිධ ක්‍රියාකාරකම් සිදුකිරීමට සැලසුම් කොට ඇති බවද මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් බී.එච්.එන් ජයවික්‍රම මහතා පැවැසීය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මිය හා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙම මෙම පළාත් පාලන සතිය ක්‍රියාත්මක වේ.
AP/DMU-Kandy