නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුවේ "මතින් නිදහස් රටක්" වැඩ සටහනට ක්‍රියාකාරි සැලැස්මක්

    සැප්තැම්බර් 08, 2015
     
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් " මතින් නිදහස් රටක් " යන තේමාව යටතේ ක්‍රියාත්මක කරනු ලබන වැඩ සටහනේ දැක්ම, මෙහෙවර හා අරමුණු හා පොලොන්නරුව දිස්ත්‍රික් ක්‍රියාකාරි සැලැස්ම සකස් කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් පසුගියදා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.
    උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල බණ්ඩාර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී එක් එක් සමාජ කණ්ඩායම් හදුනාගෙන ඒඒ සමාජ කණ්ඩායම් වෙත 
    සාර්ථකව පිවිසිය හැකි පරිදි වැඩ සටහන් සැකසීම කෙරෙහි අවධානය යොමු කෙරිණි. 
     
    මත්ද්‍රව්‍ය නිවාරණය ,පාලනය හා මර්ධනය සදහා ගතහැකි උපරිම ක්‍රියාකාරීත්වය ලබා දීමටත් මත්ද්‍රව්‍ය නිවාරණය සදහා කටයුතු කරන සියළුම නිලධාරීන්ගේ හා කණ්ඩායම් වල ආරක්ෂාව 
    සුරක්ෂිත කිරීමටත් ජනාධිපතිතුමන් පුද්ගලිකව කටයුතු කරන බවද ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලව ආරච්චි මහතා පැවසීය.
     
    මෙම සාකච්ඡාවට පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් එස්.සේනානායක , ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ සන්නාම තානාපතිනී චතුරිකා සිරිසේන  යන මහත්ම මහත්මීන්ද සහභාගී වුහ.   
     
    AP/DMU-Polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya