නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හරිත වර්ණ රුක්ගොමුවෙන් පිරි රටක් තැනීමට යුද හමුදාව පෙරමුණ ගනී

    සැප්තැම්බර් 08, 2015
    ‘ගසින් පිරි රටක් - විපත් නැති හෙටක්’ තැනීමට පෙරමුණ ගත් බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය ස්වාභාවික විපත් අවම කිරීමේ අරමුණින් දියත් කළ රුක් රෝපණ ව්‍යාපාරය බෙල්ලන්විල  - බොරලැස්ගමුව ව්‍යායාම මංතීරුව දෙපසින් ඊයේ (07) පෙරවරුවේ  ආරම්භ කරනු ලැබීය. 
     
    යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතියේ ප්‍රධානත්වය දරනු ලබන බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජනරාල් උභය මැදවල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. හරිත ප්‍රාග්ධන සංසදයේ භාරකරු ක්‍රිස් ධර්මකීර්ති, බස්නාහිර පළාත් වන සංරක්ෂණ දේපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නන්ද කුමාර, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් එල්. කලුකපුආරච්චි යන මහත්වරුන් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඒ අතර වූහ. 
     
    සමාරම්භක උළෙලේ දී පාපැදි මංතීරුව සහ ඇවිදීමේ මංතීරුව ඇතුළු ප්‍රදේශය අවට කුඹුක් පැළ 100 ක් මෙලෙස රෝපණය  කළ අතර, පරිසර සංරක්ෂණය උදෙසා මාතර සිට පුත්තලම දක්වා වෙරළ තීරය දක්වා මෙලෙස රුක් රෝපණය සිදු කිරීමට ද සැලසුම් කොට ඇත.  
     
    බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිකාරී, පූජ්‍ය බොරලැස්ගමුවේ පේමරතන ස්වාමීන් වහන්සේ මෙහි දී අනුශාසනාවක් සිදු කළ අතර, මෙලෙස පැල සිටුවීමේ වැදගත්කම උන්වහන්සේ අවධාරණය කළහ. 
     
    දකුණ, බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත් නියෝජනය කරන තෝරා ගත් ප්‍රදේශ 287 ක දී මෙම පැළ සිටුවීමේ ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිතය. වෙරළ ඛාදනය වළක්වා වෙරළ සංරක්ෂණය කිරීමට ද මෙමඟින් බලාපොරොත්තු වේ.
     
    වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතන ලෙස යුද හමුදාව සමඟ මේ සඳහා මූලිකත්වය ගෙන සිටිති.
     
    army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya