ජපන් ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරමින් දිගුකලක සිට සබඳතා පැවැති ආකාරයෙන්ම ශ්‍රී ලංකා නව රජයේ ආර්ථික ප්‍රතිපත්තියේ සිට ඉදිරියටත් අඛණ්ඩව සංවර්ධන කටයුතු වෙනුවෙන් සහය ලබා දෙන බව ජපානය අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ඉදිරි මග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කොළඹ කොටුවේ, මිනෝදා ගොඩනැගිල්ලේ පැවැති සම්මන්ත්‍රණය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේ ය. ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය හා මුල්‍ය අධ්‍යයන ඇකඩමිය ඒකාබද්ධව මෙම දෙදින සම්මන්ත්‍රණය සංවිධානය කෙරිණි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. සමරතුංග මහතා ඇතුළු රජයේ සහ පෞද්ගලික අංයේ නිලධාරීන් 400 දෙනෙකු පමණ මේ අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මෙන්ම ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය වැඩිදියුණු කරන ආකාරය, ආයෝජකයන් හා ඉදිරි දර්ශන යන්න තේමාව කර ගනිමින් මේ සම්මන්ත්‍රණය පැවැත්විණි.
මේ අතර ජපානයේ කෙයිඕ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කිචිරෝ මහතා පෙන්වා දුන්නේ විදේශ ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකාව හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් පියවර ගත යුතු බවයි.
DB