නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලමේ ව්‍යාපාරිකයින්ට නුවරඑළියේදී පුහුණුවක්

    සැප්තැම්බර් 08, 2015

    පුත්තලමේ කුඩා ව්‍යාපාරිකයින් පිරිසක් නුවරඑළියේ කුඩා ව්‍යාපාරිකයින් පිරිසක් අතර ව්‍යාපාරික දැනුම හා අත්දැකීම් බෙදා ගැනීමේ විහේෂ වැඩසටහනක් පසුගියදා නුවර එළියේදී පැවැත්විණි.

    නුවරඑළිය හා පුත්තලම දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සවංර්ධන අංශ දෙකේ මැදිහත් වීම මත සංවිධානය කළ මෙම වැඩසටහනේ ආරම්භක උත්සවය නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) පී.ඒ.සරත්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

     

    මෙම ව්‍යාපාරික අත්දැකීම් හුවමාරු වැඩසටහන සඳහා පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ව්‍යවසායකයින් 60ක් පමණ සහභාගි වූ අතර ඔවුන් නුවරඑළිය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන විසිතුරු මල් වගාව හා ස්ට්‍රෝබෙරි වගාවන් නිරීක්ෂණයට ද එක් වූහ.

     

    මෙම අවස්ථාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂිකා ඒ.ඒ.එන්.අතපත්තු මහත්මිය ඇතුළු පුත්තම් හා නුවරඑළිය කුඩා ව්‍යාපාර අංශයේ නිලධාරීන්ද සහභාගි වූහ.

    kpm/DMU_ NuwaraEliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya