නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු රෝගයෙන් මෙන් විසි ගුණයක් වාර්ෂිකව රිය අනතුරු වලින් මියයයි.

    සැප්තැම්බර් 08, 2015
     
     
    වාර්ෂිකව ඩෙංගු රෝගය හේතුවෙන් මිය යන සංඛ්‍යාව මෙන් විසි ගුණයකට ආසන්න ප්‍රමාණයක් වාර්ෂිකව  රිය අනතුරු හේතුවෙන් මිය යන බව  මහනුවර මහ රෝහ‍ලේ ශල්‍ය විශේෂඥ වෛද්‍ය ගාමිණි ‍එදිරිසිංහ මහතා පවසයි. 
    මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ පසුගියදා පැවැති ‘නුවණින් වලකමු මහමග අනතුරු’ තේමාව යටතේ මාර්ග අනතුරු වැලැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක  ප්‍රවාහන සතියේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් එදිරිසිංහ මහතා මේ තොරතුරු අනාවරණය කලේය. 
     
    රිය අනතුරු හේතුවෙන්  දිනකට 7ත් 8ත් අතර ප්‍රමාණයක් මිය යන  අතර වාර්ෂිකව 2500 කට අධික පිරිසක් මියයනවා. යුද්ධයේ දරුණු කාලයේදීවත් නොවු තරම් පිරිසක් වාර්ෂික ආබාධිතයන් බවට පත් වන බවද,  රිය අනතුරු හේතුවෙන් තුවාල වුවන් වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන ගණනක් රජය වැයකරන බවද ඒ මහතා පැවසීය.
     
    නමුත් දැනුවත් කිරීම තුලින්  අපිට  මේ  අනතුරු රැසක් වලක්වගන්න පුළුවන්. ඩෙංගු වලක්වා ගැනීම සදහා විශාල ප්‍රචාරණයක් ගෙනයනවා. නමුත් ඩෙංගු හේතුවෙන් මිය යන පිරිස මෙන්  විසිගුණයක් මිය යන  රිය අනතුරු  පිළිබද වැඩි අවධානයක් යොමු නොකිරීම ශෝචනීය තත්ත්වයක් බවද ඔහු අවධාරණය කළේය.  රථවාහන අනතුරු අවම කරගැනීම සදහා රජයේ මැදිහත් වීම පුළුල්ව අවශ්‍ය බවද ඒ මහතා තවදුරටත් පැවසීය.
     
    මෙහිදී මධ්‍යම පළාත් ප්‍රවාහන සතියට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් මාර්ග ආරක්ෂණ ඒකක පිහිටුවා ඇති  අතර මහනුවර දිස්ත්‍රික්  මාර්ග ආරක්ෂණ ඒකකයේ සභාපති වරයා වශයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා පත්කරගනු ලැබීය. 
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya