යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ පොලොන්නරුව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කරන අතර කුඩා පරිමාණ ව්‍යාපාරයන්හි නියුතු සහ එම ක්ෂේත්රයේ ව්‍යාපාරයන් ආරම්භ කිරීමට අපේක්ෂිත 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සඳහා මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙම වැඩමුළුවෙහි සමාරම්භක අවස්ථාවට පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් එස් සේනානායක, කුඩා ව්‍යාපාර සංවර්ධන අධ්යක්ෂ සුධිර ජයරත්න යන මහත්වරුන් ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වීමට නියමිතය.
AP/DMU-Polonnaruwa