නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇදුම රෝගය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කෙරේ

    අගෝස්තු 04, 2015
     
     
    ශ්වසන රෝග අතරින් ප්‍රධානම රෝගය ලෙස සැලකෙන ඇදුම රෝගයට ගොදුරුවන්නන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී.  මේ වන විට ලෝකය පුරා සිටින ඇදුම‍ රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 300 ක් පමණ වේ. ශ්‍රී ලංකාව තුළ පමණක් මේ වන විට රෝගීන්  ලක්ෂ 2 ක් පමණ මෙම රෝගයට ගොදුරුවී සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  පී.ජී. මහීපාල මහතා පවසයි.
    ඒ මහතා මෙසේ අදහස් දැක්වුයේ ඇදුම රෝගය සම්බන්ධයෙන් අද සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවේදීය.  
     
    මෙහිදී  විශේෂඥ වෛද්‍ය ඒශාන්ත් පෙරේරා හා කීර්ති ගුණසේකර යන මහත්වරුන් ද මාධ්‍යවේදීන් දැනුවත් කරමින් දේශන පැවැත්විය.
     
     සෑම රෝහලකම ශ්වසන රෝග සදහා සායන පැවැත්වෙන අතර  ප්‍රතිකාර ලබා දීම සදහා යටිතල පහසුකම්  හා මානව  සම්පත සංවර්ධනය කර ඇති බවත්, අවශ්‍ය ගුණාත්මක ඖෂධ ලබා දීමටද කටයුතු කර ඇති බවත් පී.ජී. මහීපාල මහතා 
    තවදුරටත් පැවසීය.
     
    දරුවන්ගෙන් 30% ක් අකර්මන්‍ය වනුයේ ශ්වසන රෝග වලිනි. මෙය සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල අභියෝගයක්. මීට මුහුණ දීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගෙන තිබෙනවා. ඇදුම රෝගයට ප්‍රතිකාර කිරීමේදී අවශ්‍ය වන  ඉන්හේලර් නිපදවීමේ ව්‍යාපෘති 2 කට අනුමැතිය දී තිබෙන බවද සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ අධ්‍යක්ෂ අමල් හර්ෂද සිල්වා මහතා මෙහිදී පැවසීය.  
     
     
    ඇදුම රෝගයට ගොදුරුවන්නන් සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණ වලදී අවුරුදු 10 -14 ක් අතර දරුවන් හා අවුරුදු 70-80 ත් අතර වැඩිහිටියන් මෙම රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩි බව හඳුනාගෙන ඇත. මෙම රෝගය සහමුලින්ම සුව කළ නොහැකි වුවද ඉතා හොදින් පාලනය කළ හැක. 
     
    දිගින් දිගටම පවතින කැස්ස ශ්වසන රෝගයක හෝ පිලිකා රෝගයෙහි ආරම්භක ලක්ෂණ විය හැකි බැවින් ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් මෙය වළක්වා ගතහැකිවනු ඇත.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya