නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමු රබර් රුපියල් 350ක සහතික මිලට මිලදී ගැනීමට රජයෙන් රුපියල් කෝටි 400ක්

    අගෝස්තු 05, 2015

    2015 වසර සඳහා ස්වාභාවික අමු රබර් මිල දී ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 400ක මුදලක් වෙන් කර තිබෙන බවත්, ඉන් රුපියල් කෝටි 90ක් මේ වන විට නිදහස් කර අවසන් බවත් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.බී. ප්‍රේමදාස මහතා පවසයි.

     

    ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය හා එහි නියැලෙන ගොවි ජනතාවගේ ජීවන තත්වය නංවාලීමේ අරමුණින් අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත ස්වාභාවික අමු රබර් කිලෝවක මිල රුපියල් 350ක සහතික මිලක් ලබා දීමට රජය විසින් පියවර ගෙන තිබේ. මෙම මිල යටතේ ස්වාභාවික අමු රබර් අලෙවි කරගැනීම සඳහා කිසියම් ගැටළු සහගත බවක් තිබේනම් ඒ සඳහා මැදිහත් වීමට රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නිලධාරීන් දෙදෙනෙක් පත් කර තිබේ.

     

    ඒ අනුව එම ගැටළු ආර්. එස්. හපුවත්ත මහතා (අධ්‍යක්ෂ සැලසුම්) දුරකතන අංක 071-4767280 හා 011-2304815 හෝ කේ. එච්. එල්. කොඩිතුවක්කු මහත්මිය (සහකාර අධ්‍යක්ෂ - සංවර්ධන) 0777-593968 හා 011-2300812 යන දුරකතන අංකවලට ඇමතීමෙන් අදාළ ගැටළු විසඳාගත හැකි බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

     

    අප රටේ රබර් වගා කරන බිම් ප්‍රමාණය හෙක්ටයාර 1,34,137කි. නිෂ්පාදනය කරන මුළු රබර් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 98,573කි. මෙයින් සියයට 77ක්ම නිපදවනු ලබන්නේ කුඩා රබර් වතු හිමියන් වීම විශේෂත්වයකි.

     

    අක්කර 50කට වඩා අඩු බිම් ප්‍රමාණයක රබර් වගා කරන රබර් වතු හිමියන්ට ද මෙම මිල සහන හිමිකම ලැබේ. ඒ අනුව නොම්මර 1 හා 2 කාණ්ඩයේ ෂීට් කිලෝවක් රුපියල් 350කට ද නොම්බර 03 කාණ්ඩයේ රබර් කිලෝවක් රුපියල් 300කට ද මිල දී ගැනීමට කටයුතු යොදා ඇත.

     

    පසුගිය මාස 06 තුළ රබර් වගාවෙහි නියුතු පුද්ගලයින් 60,901කට සහතික මිල යටතේ රජය ගෙවා ඇති මුදල රුපියල් දසලක්ෂ 897,74කි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya