වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 2015 ජූනි මස පැවති 1.7% හි සිට 2015 ජූලි මාසයේදී 1.3% දක්වා පහළ වැටිණි. කො.පා.මි.ද. 2015 ජූනි මාසයේ සිට ජූලි මාසය දක්වා 0.7%කින් ඉහළ ගියේය. ලක්ෂ්‍යමය පදනම මත වාර්තා වූ අඩුවීම සඳහා 2014 සැප්තැම්බර් මස පටන් අවස්ථා කිහිපයක දී සිදු කරන ලද ඉන්ධන මිල ගණන් සැලකිය යුතු වශයෙන් පහළ දැමීමට ප්‍රථමයෙන් පැවති ඉහළ පදනම ප්‍රධාන වශයෙන් හේතු විය.
කො.පා.මි. දර්ශකයේ මාසික ඉහළ යෑම කෙරෙහි ආහාර මෙන් ම ආහාර නොවන කාණ්ඩවල අයිතමයන් හි මිල ගණන් ඉහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු විය. සමහර එළවළු වර්ග, මත්ස්‍ය වර්ග, මස් වර්ග, පලතුරු, අර්තාපල්, අමු මිරිස් හා රතු ළූනු ආදියෙහි මිල ගණන් 2015 ජූලි මාසයේදී ඉහළ ගොස් ඇත. පොල්, ලොකු ළූනු, සහ දෙහි ආදියෙහි මිල ගණන් මේ මාසය තුළ පහළ ගියේය. ආහාර නොවන කාණ්ඩය තුළ රෙදිපිළි හා පාවහන්, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ, දෛනික ගෘහ ඒකක නඩත්තුව, ප්‍රවාහන, විනෝදාත්මක හා සංස්කෘතික යන උප කාණ්ඩවල මිල ගණන් ඉහළ ගියේය. 2015.07.14 දින සිට ක්‍රියාත්මක වන පරිදි එල්.පී. ගෑස් මිල පහළ දැමීමෙ හි ආංශික බලපෑම හේතුවෙන් නිවාස, ජලව, ගෑස් හා අනෙකුත් ඉන්ධන උපකාණ්ඩයේ පහළ යාමක් වාර්තා විය. සෞඛ්‍ය, සන්නිවේදන, අධ්‍යාපන සහ විවිධ භාණ්ඩ හා සේවා උපකාණ්ඩ මාසය තුළ දී නොවෙනස් ව පැවතුණි.
ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන මූලික උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2015 ජූනි මස පැවති 2.8% සිට 3.5% දක්වා ඉහළ ගිය බවත් වාර්ෂික සාමාන්‍ය උද්ධමනය පූර්ව මාසයේ පැවති 2.8%හි ම නොවෙනස්ව පැවතුණු බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
NDH