ප්‍රදර්ශනයේ සමාරම්භය පෙබරවාරි මස 17 දා සිදුවන අතර, එයපෙබරවාරි 18 සිට 21 වැනිදා දක්වා දින හතරක් පුරා පෙ.ව. 10.00 සිට ප.ව. 10.00 දක්වා මහජනතාවට විවෘතව තැබීමට නියමිතය.
මෙම ප්‍රදර්ශනය තුළ වෙළඳ කුටි 332කින් සමන්විත අතර, ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් සිදු කළ කාර්යය පිළිබඳ සංදර්ශක පුවරු 156ක් සහ ප්‍රධාන ව්‍යාපෘති පිළිබඳ සංදර්ශක පුවරු 36ක් ද ප්‍රදර්ශනය කෙරේ.
ප්‍රදර්ශනයේ එක් දිනක් ඉදිකිරීම් කර්මාන්තයේ විවිධ අංශ පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා වෙන් කර ඇත. මෙහිදී හොඳම වෙළඳකුටි හිමියාට සහ හොඳම සංදර්ශකය මණ්ඩලය සඳහා සම්මාන ලබාදීමට ද නියමිතය.
ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ වාස්තු විදඥ 2016 වාර්ෂික සමුළුවේ තේමාව දේශීය හා ජාත්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් එළිදැක්වීමට නියමිතය.
ලබන වසරේ පැවැත්වීමට නියමිත 'වාස්තු විද්‍යා 2016' ප්‍රදර්ශනය සමාරම්භක උත්සවයත්, 'වාස්තු විද්‍යා 2015' ප්‍රදර්ශනය වෙත ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කළ පුද්ගලයන් ඇගයීමත් අළලා විශේෂ උලෙළක් ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය විසින් සංවිධානය කරන ලදී.
වාස්තු විද්‍යා 2015 ප්‍රදර්ශනය සමාගම් 175ක් වෙළඳ කුටි 304ක කර්මාන්තයේ නවතම නිෂ්පාදන ඉදිරිපත් කළ සාර්ථක ප්‍රදර්ශනයක් විය. 45,000 කට අධික පිරිසක් මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ තිබුණි.
SDF