නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන් සඳහා සහන ණය පහසුකම්

    අගෝස්තු 03, 2015

    කර්මාන්ත හා වාණිජ  කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් සියලුම ක්ෂේත්‍රයන්ට අයත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා ක්‍රියාත්මකව පවතින  සහන ණය යෝජනා ක්‍රම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2015 අගෝස්තු මාසයේ දී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.


    ප්‍රාදේශිය සංවර්ධන බැංකුවෙහි සහභාගීත්වය යටතේ පැවැත්වීමට නියමිත මෙම වැඩසටහනේදී ණය ලබා ගැනීමට ඇති ගැටළු අවම කිරීම, විශේෂ කරුණු මත අක්‍රමික වු ණය සඳහා පහසුකම් ලබාදීම, අඩු පොළි අනුපාත මත ණය මුදල් ලබා දීම සහ කර්මාන්ත සඳහා ලබා දෙන අනෙකුත් බැංකු සේවාවන් පිළිබඳ දැනුවත් කිරීම යන කරුණු  ආවරණය කිරීමට නියමිත වේ.

     


    කොළඹ දිස්ත්‍රික්කයේ සිටින කර්මාන්ත හිමියන් හට මෙම වැඩසටහන සඳහා සහභාගි විය හැකිය. ඒ සඳහා ලියාපදිංචි වීමට වැඩිදුර විස්තර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, කොළඹ දිස්ත්‍රික් කාර්යාලය , අංක: 98 දෙවන මහල හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කඳ, නුගේගොඩ යන ලිපිනයෙන් හෝ දුරකථන අංක: 011-2815009 / 071-3660033 ඇමතීමෙන් හෝ   This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපෑල මගින් ලබා ගත හැකි වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya