උත්පලවර්ණා විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු පසුගිය 18දා කප් සිටුවීමෙන් ආරම්භ කළ අතර පේලි පෙරහර පැවැත්වීම පසුගිය 25දා සන්ධ්‍යා භාගයේ දී ආරම්භ කෙරිණි. ඒ අනුව 30දා දක්වා පේලි පෙරහර පැවැත්වේ.
අලි ඇතුන් විශාල ප්‍රමාණයක් සහිත ව පැවැත්වෙන රන්දෝලි මහ පෙරහර සඳහා නර්තන කණ්ඩායම් සියයකට අධික ප්‍රමාණයක් සහභාගි කිරීමට සැලසුම් කර තිබේ.
ක්‍රිස්තු වර්ෂ 1257 දී ප්‍රථම වරට ආරම්භ කරන ලද දෙවිනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය වසර 757ක් පුරා පවත්වා ඇති අතර මෙවර පැවැත්වෙන්නේ 758 වන පෙරහැර මංගල්‍යයයි.
31දා සිට දින හතක් සල්පිල පැවැත්වෙන අතර අගෝස්තු 06දා රාත්‍රිය මුළුල්ලේ කෝල්මුර යාගය හෙවත් දේව තොවිලය පවත්වා, ගිනි පාගා 07 වන දින දේව දානය පැවැත්වීමෙන් අනතුරුව ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු නිමා කෙරේ.
දෙවිනුවර ඓතිහාසික රාජ මහ විහාරාධිපති දෙවිනුවර සුනන්ද නාහිමියන්ගේ උපදේශකත්වයෙන් ඓතිහාසික ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ භාරකාර බස්නායක නිලමේ වන දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් දර්ශන වික්‍රමාරච්චි මහතා ඇතුළු පෙරහර කමිටුවට පෙරහර සංවිධානය කරති.
DB