පර්යේෂණ ක්ෂේත්‍ර නිරීක්ෂණ, අවශ්‍ය පරිදි ප්‍රායෝගික පුහුණුව හා දේශන පැවැත්වීමත් මේ වැඩසටහන්වලදී සිදු කරනු ඇත. හෙට පැවැත්වෙන දේශන වන්නේ දේශීය ඌන භාවිත පලතුරුවල වැදගත්කම හා ප්‍රචාරණය, පලතුරු බෝගවල ඵලදායිතාව ඉහළ නංවා ගැනීමට කප්පාදුව හා නඩත්තුව සිදු කරන ආකාරය පිළිබඳවයි.
30 දින දේශීය ඌන භාවිත පලතුරුවල වැදගත්කම හා ප්‍රචාරණයත් පලතුරු බෝගවල මල් හා ඵල හටගැනීම පිළිබඳ ගැටලු හා ඒවාට විසඳුම් පිළිබඳ දේශණ පැවැත්වෙන අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) ආචාර්ය කේ.ඩබ්. කැටපේආරච්චි මහත්මිය, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) කේ.ජී.එස්. සෙනවිරත්න මහතා සහ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) ආචාර්ය ටී.ආර්.එස්.පී. එදිරිමාන්න මහතා මෙහි සම්පත්දායකයන් ලෙස කටයුතු කරනු ඇත.
NDH