ඇසේ සුද වැසීමේ රෝගී තත්ත්වයෙන් පසු වූ රෝගීන් සියලුදෙනා කිලිනොචිචිය රෝහලෙන් ප‍්‍රතිකාර ගැනීම සඳහා පැමිණි රෝගීන්ගෙන් තෝරා ගන්නා ලද පිරිස් වෙති. මෙම ශල්‍යකර්ම සිදුකරන ලද්දේ මඩකළපුව ශික්ෂණ රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය ජේ.ඩී. ඩයස් මහතා විසිනි. ඒ මහතා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී මෙම අක්ෂි ශල්‍යකර්ම සිදු කිරීමට පියවර ගෙන ඇත. මීට අමතරව මුලතිවු දිස්ත‍්‍රික්කය තුළ ඇසේ සුද වැසීමේ රෝග තත්ත්වයට පත් රෝගීන් 300ක් පමණ සහ වවුනියා දිස්ත‍්‍රික්කය තුළ රෝගීන් 77ක් වන බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂන් 2020 වැඩසටහන මඟින් ඉදිරියේදී මුලතිව් හා වවුනියා දිස්ත‍්‍රික්කවල වෙසෙන ඇසේ සුද වැසීමේ රෝග තත්ත්වයට පත් රෝගීන්ගේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදු කිරීමට අවශ්‍ය පියවර ගනු ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂන් 2020 වැඩසටහන මඟින් අවම පහසුකම් සහිත දුෂ්කර පළාත්වල ඇසේ සුද ඉවත්කිරීම සඳහා වන ශල්‍යකර්ම වැඩසටහන් සංවිධානය කරනු ලබන අතර ඒ සඳහා අවශ්‍ය අක්ෂි කාච නොමිලේ ලබාදීමට කටයුතු කරනු ලබයි. එවැනි එක් වැඩසටහනකදී 100කට අධික අක්ෂි ශල්‍යකර්ම ප‍්‍රමාණයක් සිදුකරනු ලබයි.
ලෝක ජනගහනයෙන් මිලියන 39කට වඩා වැඩි පිරිසක් අන්ධභාවයෙනුත්, මිලියන 285ක් පමණ පිරිසක් ඇස් පෙනීමේ දුර්වලතාවලිනුත් පීඩා විඳිනු ලබති. මේ අතුරින් 80%ක් පමණ සුවකළ හැකි තත්ත්වයේ පවතී. අන්ධභාවයට පත් වූ සහ ඇස් පෙනීමේ දුර්වලතාවලින් පෙළෙන වැඩි පිරිසක් ජීවත් වනුයේ තුන්වන ලෝකයේ රටවලය. මේ අතුරින් 50%කගේ පමණ අන්ධභාවය සඳහා හේතුවන ප‍්‍රධානතම සාධකය වන්නේ ඇසේ සුද ඇතිවීමයි.
මෙම අවස්ථාවට කිලිනොචිචිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කාර්තික් මහතා, විෂන් 2020 වැඩසටහනේ වෛද්‍ය අසේල අබේධීර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
NDH