නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිච්ච මල් පූජාවට විශේෂ දුම්රිය සේවාවක්

    ජූලි 24, 2015
    අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී හෙට (25) පැවැත්වෙන ජාතික පිච්ච මල් පූජාව වෙනුවෙන් දිනපතා ක්‍රියාත්මක වන දුම්රිය සේවාවට අමතරව විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කෙරේ.
     
    මෙම මහා පුණ්‍යෝත්සවයට සහභාගිවන බැතිමතුන්ගේ පහසුව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් අතිරේක විශේෂ දුම්රිය දෙකක් සේවයේ යොදා ඇත.
     
    හෙට (25) අලුයම 6.00ට සහ උදෑසන 7.50ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අනුරාධපුරය බලා දුම්රිය පිටත් වේ.
     
    එසේම ආපසු පැමිණීම සඳහා තවත් අතිරේක දුම්රිය දෙකක් අනුරාධපුරය දුම්රිය ස්ථානයේ සිට කොටුව දුම්රිය ස්ථානය දක්වා පිටත් වීමට නියමතය. ඒ අනුව අනිද්දා (26) අලුමය 1.40 සහ පෙරවරු 9.40ට මෙම විශේෂ දුම්රියන් අනුරාධපුර සිට කොළඹ දක්වා ධාවනය වේ.
     
     
    කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ "ශාන්ති පදනම" ජනාධිපති ලේකම් කාර්යාලයේ අන්‍රගහයෙන් වාර්ෂිකව සංවිධානය කරන ජාතික පිච්චමල් පූජා මහෝත්සවය මෙවත් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී හෙට (25) පැවැත් වේ. 
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya