නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම පිළිබදව දැනුවත් කෙරේ

    ජූලි 24, 2015
     
    2015 මහ මැතිවරණය නිදහස් හා සාමකාමීව පැවැත්වීම සදහා ගත යුතු පියවර පිළිබදව අනුරාධපුර දිස්ත්‍රික්කයේ අදාල නිලධාරින් හා ස්වාධින  කණ්ඩායම් දැනුවත් කිරිම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ඩි.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධාන‍ත්වයෙන් පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි. 
    මෙහිදී   ඡන්දය අවසන් වන තෙක්ම ප්‍රචණ්ඩක්‍රියා ආදියෙන්  ‍තොරව මැතිවරණ කටයුතු සිදුකිරිමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදි අදාල නිලධාරින් දැනුවත් කෙරිණි. 
     
    තවද මැතිවරණ නීති කඩකිරීම් ඇතුළු මැතිවරණයට අදාල පැමිණිලි ඉදිරිපත් කිරිම සදහා  විශේෂ පැමිණිලි  ඒකකයක් ද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුල ස්ථාපිතකර ඇත.      
    මේ සදහා සහකාර තේරීම්භාර නිලධාරිවරුන් තිදෙනෙකු පත්කර ඇතැයි ඩී.පී.ජී. කුමාරසිරි 
    මහතා පවසයි. 
     
    එම පැමිණිලි ඒකකය උදෑසන 8.30 සිට රාත්‍රී 10.00 දක්වා ක්‍රියාත්මකයි. මැතිවරණයට අදාල කිසියම් පැමිණිල්ලක් වෙතොත් 025- 2227855 දුරකතන අංකයට අමතා අදාල පැමිණිලි දැනුම් දිය හැකියි. 
     
    AP/DMU-Anuradhapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya