නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ ඩිප්ලෝමා ප්‍රදානෝත්වය අද

    ජූලි 23, 2015
    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ පවතින කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට අයත් කාර්මික විද්‍යාලයන් හි පාඨමාලා හැදෑරු ඩිප්ලෝමාධාරීන් 366ක් සඳහා ඩිප්ලෝමා සහතික පත් ප්‍රදානත්වය අද (23) සිදු කෙරේ.
     
    බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන මෙම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේ දී NVQ 05 සහ 06යන මට්ටමි හි ඩිප්ලෝමා සහතික ප්‍රදානය කෙරෙනු ඇත.
     
    මෙහිදී  NVQ 05 මට්ටම යටතේ පෑස්සුම් ශිල්පය, මෝටර් රථ වාහන ඉංජිනේරු ශිල්පය, ආහාර තාක්ෂණය, නිෂ්පාදන තාක්ෂණය, ඉදිකිරීම් තාක්ෂණය, ශීතකරණ හා වායුසමීකරණ තාක්ෂණය ආදී විෂය ක්ෂේත්‍ර යටතේ පාඨමාලා හැදෑරුවන් සඳහා ඩිප්ලෝමා සහතික පිරිනැමෙන අතර NVQ 06 මට්ටම යටතේ ටෙලිසන්නිවේදනය, තොරතුරු තාක්ෂණය සහ ඉදිකිරීම් ක්ෂේත්‍ර යටතේ පාඨමාලා හැදෑරූවන්ට සහතිකපත් පිරිනැමීම සිදු කෙරේ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya