ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මතින් නිදහස් රටක් යන පරමාර්ථය පෙරදැරිව ප්‍රකාශයට පත් කළ මත්ද්‍රව්‍ය නිවාරණ මාසයට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කේ.එච්.ඒ. මීගස්මුල්ල මහත්මියගේ උපදෙස් හා මග පෙන්වීම මත නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් මෙම වැඩ සටහන සංවිධානය කර ඇත.
මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික් කාන්තා බල මණ්ඩලය, වැඩිහිටි සංවිධාන, යෞවන සමාජ, ක්‍රීඩා සමාජ, ත්‍රීවිල් රථ රියදුරන්ගේ සංගම්, ආබාධ සහිත වුවන්ගේ ස්වශක්ති සංවිධාන ඇතුළු ස්වේච්ඡා සංවිධාන ක්‍රියාකාරීන් 250 ක පිරිසක් සහභාගීවීමට නියමිතය.
එදින උදැසන 9.00 ට ආරම්භවන මෙම වැඩසටහනේදි මත්ද්‍රව්‍ය භාවිතයේ සෞඛ්‍යමය හා සමාජමය පරිහානිය, මත්ද්‍රව්‍ය භාවිතය හා බෙදා හැරීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වයන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් අහිමිවන ආර්ථික ලාභය යන මාතෘකා යටතේ ප්‍රවීණ දේශකයින් විසින් දේශණ පැවැත්වීමට නියමිත අතර දේශණ අවසානයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මත් උවදුර වැළැක්වීමට ගත හැකි ක්‍රියා මාර්ග සැලැස්මක් සැකසීමටද නියමිතය.
AP/DMU-Nuwaraeliya