සත්වැනි වරට පැවැත්වෙන මෙම සමුළුවේ සමාරම්භක සැසිය ප්‍රතිපත්ති සැලසුම් සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කත්සිරි ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
හෙට ( 24) දිනයේද මෙම සමුළුව පැවැත්වෙන අතර කලාපයේ දරුවන්ගේ අධ්‍යාපන විෂමතා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම පිණිස මෙවර සමුළුව "අධ්‍යාපන සංඛ්‍යාති" යන තේමාව මුල් කරගනිමින් පැවැත්වේ.
එය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවේ නිල සංඛ්‍යාලේඛන එක්රැස් කරන ආයතනය වන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබයි. මෙම සමුළුවේ සත්කාරක රට වන ශ්‍රී ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා මෙම සමුළුවේ සභාපතීත්වයට නිල වශයෙන් පත් විය.
සංඛ්‍යාලේඛන කටයුතු සම්බන්ධයෙන් කාලාපීය සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් දකුණු ආසියානු කලාපයේ රටවල්වල සංඛ්‍යාලේඛ එක් රැස් කරන නිල සංඛ්‍යාලේඛන ආයතනයන්හි සර්ක්ස්ටැට් (SAARCSTAT) ප්‍රධානින්ගේ හමුව 2005 වසරේ ඉන්දියාවේ කල්කටා නුවරදී මුල්වරට පැවැත්විණි. ඒ අනුව පිළිවෙළින් බංගලාදේශය, භූතානය, පකිස්තානය මාලදිවයින හා මාදිවයින යන රටවල පැවැත්විණි.
සාර්ථකව පැවති මෙම සමුළුවේ මූලික අපේක්ෂාවන් අතර කලාපයේ රටවල් අතර කාලීන සහ සංසන්දනය කළ හැකි සංඛ්‍යාලේඛන තුළින් ප්‍රතිපත්ති සඳහා මුලපිරීම සහ සැලසුම් කිරීම, සංකල්ප, ආර්ථ දැක්වීම් සහ වර්ගීකරණ හුවමාරුව, ජාත්‍යන්තර යහ ක්‍රමවේදයන්ට අනුකූලවීම, නිල සංඛ්‍යාති ප්‍රචලිත කිරීම සහ දියුණු කිරීම සහ මානව සම්පත් සංවර්ධනය කිරීම ප්‍රධාන වේ.
පසුගිය වසරේ මෙම සමුළුව නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවති අතර එහි දී 2015 වසරේ සත්කාරකත්ව ශ්‍රී ලංකාවට පිරිනමන ලදී.
නේපාලයේ කත්මණ්ඩු නුවර පිහිටි සාර්ක් මහලේකම් කාර්යාලයේ නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂිකා ( ආර්ථික, වෙළෙඳ සහ මුදල්) එල්. සවිත්රී මහත්මිය, දකුණු ආසියානු කලාපයට අයත් වන ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, අෆ්ගනිස්ථානය, නේපාලය, මාලදිවයින, සහ සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව යන රටවල සංඛ්‍යා ලේඛන ප්‍රධානීන් සම නියෝජිතයින්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ සාර්ක් අංශයේ නියෝජිතයන් සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පරිහරණය කරන දේශීය සහ ජාත්‍යන්තර ආයතන රැසක නියෝජිතයින් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
kpm