ලබන 27 වන දින ප.ව 4.00 ට ආරම්භ වන ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය ලබන 28, 29 සහ 30 යන තෙදින පෙ.ව. 9.00 සිට ප.ව 8.00 දක්වා බැතිමතුන්ට වන්දනා කිරීම සඳහා ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරේ.
මෙහිදී අම්පාර නීලගිරි මහසෑයේ පුරාවිද්‍යා කැනීම්වලදී සොයා ගත් සර්වඥ ධාතූන් වහන්සේලා සහ මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා වන්දනා කිරීමටත් දුටුගැමුණු මහ රජතුමන්ගේ භෂ්මාවශේෂ දැක බලා ගැනීම සඳහාත් මහජනතාවට අවස්ථාව සැලසෙනු ඇත.
සර්වඥධාතූ ප්‍රදර්ශනය සඳහා සහභාගී වන සැදැහැවතුන් සඳහා අවශ්‍ය පොදු පහසුකම් සපයා දීමටද තරුණ බෞද්ධ සංගමය කටයුතු යොදා ඇත.
SFD/DMU_Kandy