"මතින් නිදහස් රටක්" යන්න තේමා කර ගත් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ කොළඹ නගරය කේන්ද්‍ර කරගත් විශේෂ වැඩසටහනක් අද (21) පෙරවරුවේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ආරම්භ කිරීමට නියමිතය. ජනාධිපති කාර්යාලයේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මේ වැඩසටහනට ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් සහභාගි වනු ඇත. NDH