මේ වන විට සියලුම පක්ෂ වලට හිමි මනාප අංක නිකුත් කර අවසන් කර ඇති අතර කෑගල්ල පරිපාලන දිස්ත්රික්කය තුළ මැතිවරණය සදහා ඉතා සාමකාමී වාතාවරණයක් පවතී. සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සදහා සියලුම පක්ෂවල අපේක්ෂකයන් වෙතින් මනා සහයෝගයක් ලැබීම විශේෂිත බව මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසුවේය.
එසේම මැතිවරණ සදහා රජයේ නිලධාරීන් 9200 ක් රාජකාරී සදහා යෙදවීමට සැලසුම් කර ඇති අතර රටේ ජනතාවගේ ජනමතය ප්රකාශ කිරීම සදහා සහාය දැක්වීම සියලුම රජයේ නිලධාරීන්ගේ වගකීම බවද ගාමිණි සෙනෙවිරත්න මහතා සදහන් කළේය.
AP/DMU - Kegalle