මෙම සංචාරයේ දී ප්‍රථමයෙන් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පැමිණි ආරක්ෂක රාජ්‍ය ලේකම්වරයා පලාලි ගුවන්තොටුපොළේ දී යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත මහතා විසින් පිළිගන්නා ලදී. එතුමා වෙත හමුදා සම්ප්‍රදායානුකූලව 1 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සම්මාන මුරයක් ද පිරිනැමීය.
මේ අවස්ථාවේදී යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිවරයා සාමාන්‍ය ජනතාව වෙත අධි ආරක්ෂක කලාපයේ ඉඩම් නිදහස් කිරීමට අදාළ ව වර්තමාන තත්ත්වය පිළිබඳ පැහැදිලි කළේය. යාපනය ප්‍රදේශයේ නාවික හා ගුවන් ආඥාපතිවරුන් ද එම අවස්ථාවේ දී යාපනය ප්‍රදේශයේ තම වගකීම් හා කාර්යයන් පිළිබඳ ව වෙන්වෙන්ව පැහැදිලි කරන ලදී.
මෙම සංචාරය සිහිවනු වස් ආරක්ෂක ලේකම් පැළයක් රෝපණය කළ අතර විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙ හි අත්සන් තැබීමට ද සිදු කළේය.
ආරක්ෂක ලේකම් උතුරේ අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ වත්මන් තත්ත්වය පිළිබඳ ව සමාලෝචනය සඳහා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ප්‍රතිසංස්කරණ හා හින්දු කටයුතු පිළිබඳ නියෝජිත පිරිසක් ද හමුවිය.
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පැමිණි ලේකම්වරයාව පිළිගන්නා ලද්දේ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති ෙමේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා විසිනි.
එහිදී 24 වන ගැමුණු හේවා බලකා සෙබළුන්, ආරක්ෂක ලේකම්කුමා වෙත සම්මාන මුරයක් ද පිරිනැමීය. ආරක්ෂක ලේකම්තුමා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සිදුකළ මෙම සංචාරය සිහිගැන්වීම පිණිස පැළයක් රෝපණය කළ අතර, විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ ද අත්සන් කළේය.
මෙම උතුරු සංචාරයේදී මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පැමිණි අතර ලේකම්තුමාව සම්මාන මුරයක් ද පිරිනමා පිළිගන්නා ලද්දේ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති පී.යූ.එස්. විතානගේ මහතා විසිනි.
අනතුරුව, මුලතිව් ආඥාපතිතුමා එම ප්‍රදේශයේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ ව ආරක්ෂක ලේකම්තුමාව දැනුවත් කළ අතර එහිදී ද බස්නායක මහතා විසින් පැළයක් රෝපණය කර විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි ද අත්සන් තබන ලදී.
ආරක්ෂක ලේකම්තුමාගේ මෙම සංචාරය සිහිවනු වස් ඔහුගේ නික්ම යෑමට පෙර යාපනය, කිලිනොච්චි සහ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිවරුන් විසින් සමරු තිළිණ ද පිරිනමන ලදී.
මෙම අවස්ථාව සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා, නාවික සහ ගුවන් හමුදාපතිවරු ආරක්ෂක ලේකම්තුමන්ගේ මෙම සංචාරය සඳහා එක්ව සිටියහ.
NDH/army.lk
---------