නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවාගේ අධ්‍යාපනය මෙන් ම පෞර්ෂත්ව වර්ධනය පාසල තුළින් සිදු විය යුතුය- මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වයි.එම්.එම්.එස්. යාපා

    ජූලි 20, 2015
     
    පාසල තුලින් දරුවාගේ අධ්‍යාපනය මෙන්ම පෞර්ෂය වර්ධනය කිරිම වැදගත් ගුණාංගයක් බවත් ඒ තුලින් දරුවා කුසලතා පිරි පුද්ගලයෙකු ලෙස සමාජයට එකතු වන බවත් මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වයි.එම්.එම්.එස්. යාපා මහතා පැවසීය.
    කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගියදා පැවති මාතලේ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුම්වත් කිරිමේ පරිසර අධ්‍යාපනික වැඩසටහනට එක් වු අවස්ථාවේ දීය.  මෙම වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කොට තිබුණි.
     
    2050 වන විට ලෝකයේ ඉන්ධන පරිභෝජනය ශුන්‍ය  වීම , වායු 
    ගෝලයේ පවතින විෂ වායු සහ ඊයම් ප්‍රතිශතය ඉහල යෑම, මුහුදු මට්ටම අඟල් 12 කින් ඉහල යෑම හා ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 ට වැඩි වීම සිදුවන බව විද්‍යාඥයින් අනතුරු අඟවා ඇති අවධියක අපි අපේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනිමේ කාලය එළඹ ඇත. එහෙයින්  ඒ සඳහා පාසල් ප්‍රජාව සම්බන්ධ කර ගත යුතු අතර පරිසරය සුරැකීමට සහ පරිසර සමතුලිත බව රැක ගැනිමට කටයුතු කළ යුතු බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවසීය.
     
    අධ්‍යාපන අමාත්‍යාංශය, අමාත්‍යාංශ 07 ක් සම්බන්ධ කර ගෙන විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කිරිම තුළින් පාසල් දරුවන්ගේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය කිරිමට කටයුතු කරන අතර පරිසර අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව පරිසරය සුරැකිමේ වැඩසටහන් ක්‍රියාත්මක කරති.  මීට වසර 20 කට පෙර පාසල් විෂය ධාරාවට පරිසර අධ්‍යාපන ඇතුලත් කර ඇති අතර එය වෙනම විෂයක් ලෙස උගන්වන්නේ නැති වුවත් පරිසරය කියන තේමාව අපේ සෑම විෂයක් තුළම ඇති බවත් එය 
    100% ක් ඉස්මතු කර ගැනිමේ කාලය එළඹ ඇති බවත් අධ්‍යක්ෂවරයා පවසයි. 
     
    පාසල් තුළ පරිසර නියමු වැඩසටහන්වලට සම්බන්ධ වී වැඩ කරන සිසුන්ගේ අධ්‍යපන මට්ටම ඉහළ ගොස් ඇති අතර ඔවුන් ලබන විශීෂ්ඨ සම්මාන ගණන වසරින් වසර ඉහළ ගොස් තිබෙන බවත් උසස් අධ්‍යාපනයට යොමුවන සංඛ්‍යාවෙන් වැඩි ප්‍රමාණයක් පරිසර කණ්ඩායම්වල දරුවන් බවත් සමීක්ෂණවලින් තහවුරු වී ඇති බව වැඩි දුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට එක් වූ මධ්‍යම පරිසර අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ එම්.ජේ.ජේ. ජානක මහතා ළමා කාලයේ දරුවාගේ මනස සියුම් නිසා ඔවුනට පරිසරය ආරක්ෂා කිරිම පිළිබඳ අවබෝධයක් ලබා දිම ඉතා වැදගත් බවත් ඒ තුළින් අනාගතයේ බිහිවන ඉංජිනේරුවන්,විද්‍යාඥයින්, වැනි ඉහල නිලධාරින් සහ දේශපාලඥයින් තුළ පරිසරය සුරැකිමේ අදහස් ගැබ්වී තිබෙන බවත් පැවසීය.  සෑම 
    සතෙකුම පරිසරය සමතුලිත කිරිමේ කාර්යට සම්බන්ධ වී ඇති අතර මිනිසා විසින් එම පරිසර සමතුලිතතා චක්‍රය බිඳ හෙළන බවත් එය ආරක්ෂා කිරිමට පාසල් දරුවන් පුරුදු පුහුණූ කළ යුතු බවත් පාසල් දරුවන් ගුරුභවතුන්ට වඩා සමීප සහ අවනතාභාවය වැඩි නිසා පරිසර වැඩසටහන් පාසල් තුළින් ආරම්භ කිරිම වඩාත් සාර්ථක බවත් කියා සිටියේය.
     
     
    AP/DMU-Matale
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya