නාගදීප සංචාරයෙන් අනතුරුව ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්වරයා කිලිනොච්චිය සහ මුලතිවු සංචාරය අරඹමින් ප්‍රථමයෙන් කිලිනොච්චිය ආරක්ෂක සේනා මුලස්ථානයට පැමිණි අතර එහිද හමුදා සම්ප්‍රදායනුකුලව පිළිගන්නා ලදී. පසුව පිරිස ආරක්ෂක සේනා මුලස්ථානයේ දී පැවති සාකච්ඡාවට සහභාගි වුහ.
මෙහිදී කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති එස්. රණසිංහ මහතා විසින් ආරක්‍ෂක සේනා මුලස්ථාන බල ප්‍රදේශයේ වත්මන් ආරක්‍ෂක තත්ත්වය, ආරක්‍ෂක අංශ ස්ථාන ගතවීම, ඉඩම් ගැටළු, හමුදා සිවිල් සම්බාන්ධිකරණ කටයුතු, ආරක්‍ෂක අංශ වෙතින් සිවිල් ජනතාව වෙත ලබාදෙන සුභ සාධන පහසුකම් සහ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු ඇතුළු තොරතුරු පිළිබඳ ව දැනුවත් කරන ලදී. පසුව ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ සංචාරය සිහිගැන්වීම වෙනුවෙන් ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ පැලයක් රෝපණය කරන ලද අතර එතුමන් වෙත සිහිවටනයක් පිළිගැන්වීම ද සිදුවිය.
DB