රජයේ ක්‍රියාදාම හා කාර්යය කටයුතු තවදුරටත් ස්වයංක්‍රීය කිරීම සහ ඊ-සේවා පිහිටුවීම මඟින් පුරවැසියන්ට වඩා වැඩි පහසුකම් මත සේවා සැපයීමට හැකි වන පරිදි රජයේ ආයතන විසින් වෙන වෙනම පවත්වා ගෙන යනු ලබන සියලුම දත්ත එක් මධ්‍යස්ථානයක් මඟින් ආරක්ෂිතව පවත්වා ගෙන යාමට හැකි වන පරිදි මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කෙරේ.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, මැතිවරණ දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වැනි මහජනතාවට ඉතා සමීපව සේවාවන් සපයන ආයතන විසින් වෙන වෙනම විශාල දත්ත ප්‍රමාණයක් පවත්වා ගෙන යන අතර ඒ සඳහා සැලකිය යුතු වියදමක් ද මේ වන විට දරනු ලබයි.
මෙවැනි දෙපාර්තමේන්තු මඟින් ඒ සඳහා වැය කරනු ලබන පිරිවැය ද අවම කර ගැනීමට මෙඟින් අවස්ථාව ලැබේ.
kpm