පෙරේරා මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිසම සහ ලංකා බැංකුව යන ආයතනයන් හි හිටපු සභාපතිවරයෙකු වන අතර ෆෝබ්ස් ඇන්ඩ් වෝකර්ස් හා ඊට අනුබද්ධිත සමාගම්වල වසර 44කට ආසන්න කාලයක් සේවයේ නියුතුව සිට 2005 ජූනි මස විශ්‍රාම ලබන විට එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කළේය. ඒ මහතා දැනට ලැයිස්තුගත රාජ්‍ය හා පෞද්ගලික සමාගම් කිහිපයක ම අධ්‍යක්ෂ තනතුරු දරන අතර මින් ආයතන කිහිපයක සභාපතීත්වය ද දරනු ලබයි.
මීට අමතරව ලංකා වාණිජ මණ්ඩලයේ හා ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ කමිටු සාමාජිකයෙකු වශයෙන් ද ලංකා වැවිලිකරුවන්ගේ අර්ථසාධක සංගමයේ කළමනාකරණ කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් ද ඔහු කටයුතු කර ඇත.
NDH