එම පදනමේ සභාපති රැඩොල්ෆ් ඇල්බට් මහතා විසින් එම පරිත්‍යගය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සංකේතවත් ලෙස බාරදෙන ලදී. එම පරිත්‍යාග කරන ලද ඇඳන් 72 වෛද්‍ය සැපයුම් අංශයේ වැල්ලවත්ත ගබඩාව වෙත මේ වනවිටත් ලබාදීමට පියවර ගෙන ඇත.
එම පදනමේ සභාපතිවරයා, ශ‍්‍රී ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටක ජනතාවගේ සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කරන්න මෙවැනි පරිත්‍යාගයක් කිරීමට ලැබීම ගැන තමා සතුටු වන බවත් ඉදිරියටත් ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් ඕනෑම අවස්ථාවක තම පදනමේ සහයෝගය ලබාදීමට කටයුතු කරන බවත් කියා සිටියේය.
රුපියල් මිලියන 42ක පමණ වටිනාකමකින් යුත් රෝගී ප‍්‍රතිකාර සේවාවන් සඳහා යොදාගන්නා ඇඳන් අවම භෞතික සම්පත්වලින් රෝගී ප‍්‍රතිකාර සේවාවන් සිදු කරන රෝහල්වල ප‍්‍රතිකාර ලබන ජනතාව වෙනුවෙන් හැකි ඉක්මණින් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස අදාළ අංශ වෙත දැනුම්දෙන බවත්, මෙවැනි පරිත්‍යාග තුළින් අප රට තුළ ක‍්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව තව තවත් ශක්තිමත් කිරීමට හැකිවන බවත් අමාත්‍යවරයා පැවසීය.
NDH