නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම එයාර්බර්ලීන් සහ NIKI ගුවන් සේවා සමඟ ගිවිසුමකට

    ජූලි 08, 2015

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම  ජර්මනියේ දෙවැනි විශාලතම ගුවන් සේවාව වන එයාර්බර්ලීන් සහ එහි අනු ගුවන් සේවාවක් වන NIKI සමඟ 2015 ජූලි මස 2 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සංකේත හුවමාරු ගුවන් ගිවිසුමක් සඳහා එළැඹී ඇත. මෙම නව සංකේත හුවමාරු ගුවන් සබඳතාවය තුළින් ශ්‍රී ලංකාව, ජර්මනිය සහ ඔස්ට්‍රියාව යන රටවල්  අතර සංචාරක සබඳතා ශක්තිමත් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

     

    මේ වන විට මෙම ගුවන් සේවා 3 මඟින් දෛනික සංකේත හුවමාරු ගුවන් ගමන් අබුඩාබි හරහා ශ්‍රී ලංකාව, බර්ලින් සහ වියනා වෙත සිදුකරනු ලැබේ.

     

    ඒ අනුව එයාර්බර්ලීන්  සහ NIKI  ගුවන් සේවාවන් හි ගුවන් සංකේත අංක ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අබුඩාබි සහ කොළඹ හරහා සිදුකරන දෛනික ගුවන් ගමන් සඳහා එකතු කරනු ලැබේ. ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට මෙම නව සංකේත හුවමාරු ගුවන් ගිවිසුම මත අබුඩාබි හරහා එයාර්බර්ලින් සහ  NIKI ගුවන් සේවා තුළින් වියනා සහ බර්ලින් -ටීගල් වෙත ගුවන් ගමන් සිදු කිරීමට පහසුකම් සැලසේ.

     

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ලෝක ව්‍යාප්ත විකුණුම් ප්‍රධානී ලාල් පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියේ “මෙම නව සංකේත හුවමාරු ගුවන් ගිවිසුම තුළින් ශ්‍රී ලංකාව, ජර්මනිය සහ ඔස්ට්‍රියාව යන රටවල් අතර සංචාරක කර්මාන්තය විශාල වශයෙන් දියුණු වනු ඇතැයි  ශ්‍රී ලංකන් ගුවන් සමාගම දැඩිව විශ්වාස කරන බවයි. නිවාඩුව සඳහා පැමිණෙන සංචාරකයන්ට  සහ ව්‍යාපාරික සංචාරකයන්ට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අබුඩාබි සහ කොළඹ අතර ක්‍රියාත්මක වන දෛනික ගුවන් ගමන් ඔස්සේ කොළඹ, බර්ලින් සහ වියනා අතර  ඉක්මන් පහසු ගුවන් සබඳතා පැවැත්වීමට හැකිවනු  ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ය.  

     

    ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ දශක ගණනාවක් පුරාවට ගුවන් සමාගම ජර්මනිය වෙත එහි යුරෝපීය මෙහෙයුම් සිදුකරන බවයි. “එයාර්බර්ලින් සමග සිදුකරන මෙම සංකේත හුවමාරු ගුවන් ගිවිසුම තුළින් ශ්‍රී ලංකන්  ෆ්‍රැන්ක්ෆර්ට් වෙත සිදුකරන සෘජු ගුවන් ගමන් හා සම්බන්ධ වන බවද ඒ මහතා කියා සිටියේය. මෙමගින්  ශ්‍රී ලංකාව ජර්මානු සංචාරක ආකර්ෂණය දිනාගැනීමටත් යුරෝපීය රටවල් වලින් සංචාරකයන් බොහොමයක් මෙරටට ගෙන ඒමට හැකියාව ලැබෙනු ඇති අතර මෙම නව ගුවන් ගමන් මාර්ග තුළින් බර්ලීන් සහ ඔස්ට්‍රියාවේ වියනා වැනි ප්‍රදේශයන්ගෙන් මෙරටට සංචාරකයන් පැමිණීමේ ප්‍රවණතාවය වැඩිවනු ඇති බවත් ශ්‍රී ලාංකික ජනතාවටත් මෙම රටවල් සඳහා පහසු ලෙස ගුවන් ගමන් සිදුකිරීමට හැකිවනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. 

     

    එයාර්බර්ලීන්  ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී  ස්ටෙෆාන් පිචර් මහතා  ප්‍රකාශ කර සිටියේ ජර්මන් සංචාරකයන්ගේ සංචාරක ආකර්ෂණය දිනාගත් ගමනාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාව  පසුගිය වසර කිහිපය තුළ සංචාරක පැමිණීම් හි සීඝ්‍ර වර්ධනයක් පෙන්වා ඇති බවයි.

     

    ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ “මේ අනුව අප නව සංකේත හුවමාරු පාර්ශවය සමඟ විශ්වාසයෙන් යුතුව ඉදිරියේ දී කටයුතු කරන අතර ජර්මන් භාෂාව කතා කරන රටවල් වලින් වැඩි ඉල්ලුමක් මෙම ගමන් මාර්ගය සඳහා ඇතිවනු ඇතැයි අපේක්ෂා කළ හැක.” බවයි.

     

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම එටිහාඩ් ගුවන් සේවය හරහා ජර්මනියේ මියුනිච් වෙත සංකේත හුවමාරු ගුවන් සබඳතා පවත්වනු ලබයි. එයාර්බර්ලින් සහ NIKI සමඟ පවත්වන මෙම නව සංකේත හුවමාරු ගිවිසුම සමග ඔස්ට්‍රියාවේ අග නගරය වන වියානා වෙත ද ගුවන් සමාගමේ මෙහෙයුම් ගෝලීය ලෙස ව්‍යාප්ත කිරීමට හැකි වී ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya