අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුරන් කුඹුරු අස්වැද්දීමට රුපියල් මිලියන 10 ක්

    ජූනි 05, 2015
     
    කළුතර දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා රුපියල් මිලියන 10 ක ප්‍රතිපාදන ලැබී ඇති බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.
    ජාතික කෘෂි නිෂ්පාදන වැඩ සටහන යටතේ මෙම මුදල් රජය මගින් ලබා දී තිබෙන අතර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය එක්ව මෙම පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩ සටහන ක්‍රියාත්මක කරයි .
     
    තෙත් කලාපයේ වැඩිම කුඹුරු ප්‍රමාණයක් පවතින දිස්ත්‍රික්කය වන්නේ කළුතර දිස්ත්‍රික්කයයි. මෙහි යල මහ කන්න දෙකෙහි හෙක්ටයාර් 20000 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට අස්වද්දනු ලබයි. කුඹුරුවලට කරදිය ගැලීම, වාරිමාර්ග නිසිලෙස නඩත්තු නොකිරීම, වර්ෂාපතනය මදකම මෙන්ම මාර්ග සංවර්ධන ක්‍රීයාවලියේදී සමහර ඇලමාර්ග වැසීයාම, අමුණු කැඩීම, කුඹුරුවලට පස් දැමීම යන හේතු නිසා අක්කර 15000 ක් පමණ පුරන්වී ඇති බව ගණනය කර ඇත.
     
    මාර්ග සංවර්ධන ක්‍රියාවලිය නිසා පුරන්වීම සිදුවී ඇති කුඹුරු මාස 02 ක් තුල යථා තත්ත්වයට පත්කරන ලෙස කළුතර දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී ජයලාල් මහතා මාර්ග සංවර්ධන අධිකාරියට හා කොන්ත්‍රාත්කරුවන්ට උපදෙස් දී ඇත.
     
    ප්‍රාදේශීය ලේකම්වරයාගේ අධික්ෂණය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුලත් නිරීක්ෂණ කම්ටුවක්  මේ සඳහා පත් කර ඇත.
     
    AP/WMS-DMU-Kalutara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya