මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක පරිසර දිනයට සමගාමීව දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසක් මාතර දී

    ජූනි 05, 2015
    අද (05) දිනට යෙදෙන ලෝක පරිසර දිනයට සමගාමීව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසක් මාතර දිස්ත‍්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට මේ වන විට කටයුතු සූදානම් කර තිබේ.
     
    "තිරසර භාවිතය - සුරකී මිහිමඬල" තේමාව මුල්කර ගනිමින් මාතර දිස්ත‍්‍රික්කයේ කසළ කළමනාකරණය කිරීම පිළිබඳ ව දිස්ත‍්‍රික්කයේ මහජනතාව දැනුම්වත් කිරීම මෙහිදී මූලික වශයෙන් සිදු කෙරේ. විශේෂයෙන් කසළ බැහැර කිරීම අක‍්‍රමවත්ව සිදු කිරීමෙන් වැලකී ක‍්‍රමවත්ව කසළ වර්ගීකරණය කොට දිරණ කසළවලින් කොම්පෝස්ට් නිෂ්පාදනය කර ගෙවතු වගාවන් සඳහා යොදා ගැනීම හා නොදිරණ කසළ විධිමත් ආකාරයකට ප‍්‍රතිචක‍්‍රීකරණ ක‍්‍රියාවලිය සඳහා යොමු කිරීම පිළිබඳව දැනුම්වත් කිරීම මෙහි දී සිදු කෙරේ. ඒ සඳහා මාතර දිස්ත‍්‍රික්කයේ සියලු ම පළාත් පාලන ආයතනවල සහාය ලබා ගැනේ.
     
    බැනර්, පෝස්ටර්, අත්පත‍්‍රිකා මෙන්ම ජංගම ප‍්‍රකාරක රථ මඟින් ද මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන් කි‍්‍රියාත්මක කිරීමට නියමිතය.
     
    මාතර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ හා මධ්‍යම පරිසර අධිකාරියේ මාතර දිස්ති‍්‍රක් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මෙය ක්‍රියාත්මක කෙරෙන බව පරිසර නිලධාරී ජේ.කේ. නිලන්ති මහත්මිය පැවසුවා ය.
     
    NDH/TI-dmu Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya