මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ′දරුවන්ටත් වසන්තය′ දැනුවත් කිරීමේ වැඩසටහන නුවරඑළියේදී

    අප්‍රේල් 22, 2015

    ′දරුවන්ටත් වසන්තය′ මැයෙන් සංවිධානය කෙරුණු දැනුවත් කිරීමේ වැඩසටහනෙ හි සමාප්තිය ඊයේ දින (21) නුවරඑළිය මහජන පුස්තකාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    නුවරඑළිය වසන්ත උළෙලට සමගාමීව ආරම්භ කෙරුණු මෙම දැනුවත් කිරීමේ වැඩසටහන අප්‍රේල් මස 09 සිට 21 දින දක්වා ම පැවැත් විණි. පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුව මේ සඳහා අනුග්‍රහය දැක්වූ අතර නුවරඑළිය මහ නගර සභාව, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ෆිඩ්සෝ රාජ්‍ය නොවන ආයතනය මේ සඳහා සම්බන්ධීකරණ දායකත්වය සපයන ලදී.

     

    ළමා ආරක්ෂාව, නීතිය, මුල් ළමා විය, විශේෂ අවශ්‍යතා සහ ආයතන ගත ළමුන් යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ අතර වසන්ත උළෙල වෙනුවෙන් නුවරඑළියට පැමිණි දරු දැරියන් රැසක් මේ වැඩසටහන සඳහා සම්බන්ධ වී සිටිය හ. විනෝද ක්‍රීඩා, දැනුම මිනුම තරඟාවලි, උපදේශන සේවා ආදී දුවා දරුවන් වෙනුවෙන් ම සැකසුණු වැඩසටහන් රුසක් මෙහි දී ක්‍රියාත්මක විය.

     

    නුවරඑළිය ගරු නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහතා, නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම් අමරසේකර මහත්මිය, පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් තුමිය සහ ෆිඩ්සෝ රාජ්‍ය නොවන ආයතනයේ නිලධාරීන් ඇතුළු දරු දැරියන් රැසක් මෙම සමාප්ති උළෙල සඳහා සහභාගී වී සිටිහ හ.

     

    MAP/SH_dmu_n'eliya

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya