මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීමට පියවර

    මැයි 07, 2024

    ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාල වල වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා පදනම් කර ගත යුතු ප්‍රමිතීන් සහ නිර්ණායක ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ.

    ඒ අනුව වර්තමානයට ගැළපෙන පරිදි වෛද්‍ය ආඥා පනතේ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය ලේකම් ගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට 2023.10.09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබේ.

    කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම් ව වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් ඉදිරිපත් කරනු ලැබූ පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනය ද ලැබී තිබෙන අතර එකී නීති කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පල කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් සෞඛ්‍ය අමාතවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya