මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උමා ඔය ව්‍යාපෘතිය ප්‍රමාද වීම නිසා රටට විශාල මුදලක් අහිමි වුණා -ව්‍යාපෘතිය නිසා පරිසර හානියක් වී ඇති බවට වාර්තා වී නැහැ - ඇමති කංචන විජේසේකර

    මැයි 07, 2024

    උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය ප්‍රමාද වීම නිසා රටට විශාල මුදලක් අහිමි වූ බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (07) පැවසීය.වාර්ෂිකව ජාතික විදුලි පද්ධතියට මේ වන විට මෙගාවොට් 120 ක විදුලිය ධාරිතාවක් උමා ඔය ව්‍යාපෘතිය මඟින් එකතු කර ඇති බවත් මෙම ව්‍යාපෘතිය නිසා පරිසර හානියක් වී ඇති බවට වාර්තා නොවන බවත් ඇමැතිවරයා පැවසුවේය.


    උමා ඔය ව්‍යාපෘතිය නිසා ජාතික විදුලි බල පද්ධතියට විදුලිය ධාරිතාවක් ලැබී විදුලිබල මණ්ඩලයට ලාබයක් ලැබී තිබුණ ද, මෙම ව්‍යාපෘතිය නිසා පරිසරයට හානි වී ඇති බවට පැවසෙන මතයේ සත්‍යතාව කුමක්ද කියා පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
    ජලයෙන් නිෂ්පාදනය කිරීමට තිබූ විදුලිය ඩීසල් හෝ දැවිතෙල් භාවිතා කර නිපදවීමට සිදු වූ බවත් ඒ අනුව එ්කකයක් සඳහා නිෂ්පාදනයට රුපියල් 80 ක්, 100 ක් වියදම් වන බවත් ඇමැතිවරයා පැවසුවේය.
    විදුලිය සම්බන්ධයෙන් ජූලි මාසයේ දී තවත් සංශෝධනයක් සිදු කිරීමට නියමිත බවත් රටට මුදල් අමාරු අවස්ථාවක තිබුණත් උමා ඔය ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට රජයෙන් මුදල් වෙන් කළ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
    උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ වුණේ 2012 වර්ෂයේදී. මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට තිබුණේ 2017 වසරේයි. අවුරුද්දකට රුපියල් කෝටි 900ක පාඩුවක් වුණා මෙම ව්‍යාපෘතිය විවෘත කර ගැනීමට නොහැකි වූ නිසා. මෙහි සම්පූර්ණ ධාරිතාව ලබා ගැනීමට තවත් තාක්ෂණික කාරණය කිහිපයක් තිබෙනවාප
    ජල විදුලියෙන් නිෂ්ාපදනය කරන්න තිබුණ විදුලිය ඩීසල් සහ දැවි තෙල් වලින් නිෂ්පාදනය කිරීමට සිදු වුණා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya