අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව “එක්ස්පෝ මිලාන් 2015“ හා එක්වේ

    අප්‍රේල් 22, 2015

    මෙම වසරේ මැයි 01වෙනිදා සිට ඔක්තෝබර් 31වෙනිදා දක්වා ඉතාලියේ මිලානෝ නගරයේ Rho Pero Fair Place හි පැවැත්වෙන හය මාසික විශාලතම වෙළඳ ප්‍රදර්ශනයක් වන “එක්ස්පෝ මිලාන් 2015“ සඳහා ශ්‍රී ලංකාව ද නියෝජනය කිරීමට නියමිතය.

    මෙම ප්‍රදර්ශනය වෙත රටවල් 140ක මිලියන 20ක් පමණ සංචාරකයින් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

     

    ‘එක්ස්පෝ මිලාන්‘ යනු ලෝකය පුරා රටවල රජයන් විසින් එක් එක් රට මනුෂ්‍යත්වය වෙනුවෙන් කළ දේවල්  ලොවට ප්‍රදර්ශනය කිරීමට උපයෝගී කරගන්නා ස්ථානයක් ලෙස හැඳින්විය හැක.

     

    ‘එක්ස්පෝ මිලානෝ 2015‘ මෙතෙක් ආහාර, පෝෂණය හා ආහාර සංස්කෘතිය ආහාර නිෂ්පාදනය, සහ ආරක්ෂාව ලබා ගැනීමට අදාළ ගැටලු සාකච්ඡා කිරීමට සහ විසඳුම් සොයා ගැනීම සඳහා ලොව පුරා රටවල්, ආයතන සහ පුරවැසියන් එක්සත් කිරීමට සංවිධානය කරන විශාලතම ප්‍රදර්ශනයකි.

     

    "පෘථිවියට ආහාර, ජීවිතය සඳහා බලශක්තිය" යන තේමාව යටතේ මෙවර පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය, ගෝලීය ආහාර සහ තිරසාර සංවර්ධනයට ඇති අභියෝග ගවේෂණය කිරීම අරමුණු කරගත්, ගෝලීය, සංස්කෘතික, අධ්‍යාපනික හා විද්‍යාත්මක වැඩපිළිවෙළකි.

     

    ‘එක්ස්පෝ මිලානෝ 2015‘ සඳහා ශ්‍රී ලංකාවේ සහභාගිත්වය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ජාතික ශිල්ප සභාව, ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය, වාණිජ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ලද සුවිශේෂී ජයග්‍රහණයක් හා එය ශ්‍රී ලංකාවට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් ද වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya