මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දමිළ වැසියන් 1500 කට අධික පිරිසක් සහභාගි වූ නෙල්ලඅඩි අලුත් අවුරුදු උත්සවය

    අප්‍රේල් 22, 2015
    යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 551 වන බලසේනාව විසින් සංවිධානය කළ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය නෙල්ලිඅඩි මධ්‍ය මහා විදුහල් ක්‍රීඩාංගණයේ දී  උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදි.
     
    සිංහල හා දෙමළ ජන ක්‍රීඩාවන්ට මුල් තැනක් දෙමින් නෙස්ටමොල්ට් හා යුනිලිවර් (පුද්) සමාගමේ අනුග්‍රහය ඇති ව මෙම අවුරුදු උත්සවය සංවිධානය කරන ලදි.
     
    දමිළ වැසියන් 1500 කට වැඩි පිරිසක් මෙහිදි 551 බලසේනාවේ සේවයේ නියුතු හමුදා සාමාජිකයන් සමඟ සහයෝගයෙන් යුතුව තරග සඳහා සහභාගි වූහ.
     
    මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයලතා මහෙෂ්වරන් මහත්මිය සහභාගි වූ අතර, ජයග්‍රහකයන් සඳහා ත්‍යාග පිරිනැමිම ද මෙහිදි සිදු විය.
     
    මෙහි සියලු කටයුතු 55 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත සංවිධානය කර තිබුණි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya