මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙම කන්නයේ වී අස්වැන්නට හොඳ මිළක් ලැබුනා - මිනිපේ ඒකාබද්ධ ගොවි සංවිධාන සභාපති

    අප්‍රේල් 22, 2015

    මෙම කන්නයේදී තම වී අස්වැන්න සදහා ඉතා සාධාරණ මිළක් ලබා ගැනීමට හැකි වූ බව මිනිපේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඒ.එම්.ධර්මසේන මහතා පවසයි. සභාපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (21) දා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදීය. වත්මන් රජය මගින් ගොවි ජනතාවගේ වී මිළදී ගැනීම සදහා ස්ථාවර මිළක් නියම කිරීම නිසා සියළුම ගොවි ජනතාවට එම මුදල පිළිබද ඉතා සතුටට පත්විය හැකි බවත් ධර්මසේන මහතා වැඩි දුරටත් පවසන ලදී.

    මෙහිදී කමිටුව හමුවේ තව දුරටත් අදහස් දැක්වූ ධර්මසේන මහතා මෙවර‍ වී මිළදී ගැනීමේ ක්‍රියාවලිය තවත් කඩිනම් සහ විධිමත් කරන්නේ නම් එය ගොවි ජනතාවට තවත් පහසුවක් වන බව පෙන්වා දුන් අතර, රජය වෙනුවෙන් ඒ සදහා මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා දරණ උත්සාහයට තම ගොවි සංවිධානයේ ස්තූතිය පළ කරන බවද පැවසීය.

     

    ඊට පිළිතුරු ලබා දුන් දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ සභාපති සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා පැවසුවේ මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ වී මිළදී ගැනීම සදහා රජය මගින් මිලියන 19 ක් ලබා දී ඇති බවත්, ඒවා වී මිළදී ගැනීමට එම මුදල සම්පූර්ණයෙන්ම මුදා හැරිය බවත්ය. ඊට අමතරව තවත් මිලියන 01 ක මුදලක් ලබා දීමට භාණ්ඩාරය එකඟත්වය ලබා දී ඇති බවත් පෙන්වා දුන් දිස්ත්‍රික් ලේකම්වරයා අවශ්‍යතාවය අනුව තවත් මුදල් ඉල්ලා සිටිය හැකි බවද පෙන්වා දෙන ලදී.

     

    මෙම අවස්ථාව සදහා මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ගාමිණී මුණසිංහ මහතා සහ මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය වයි. කැටිපේආරච්චි මහතා ඇතුළු රජයේ නිලධාරීන් රැසක් සහ ගොවි සංවිධාන නියෝජිතයන්ද සහභාගී විය.

    MAP/TA_dmu_kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya