ඒ අනුව පස්වරු 03 සිට රණවිරු දින සැමරුම් උත්සවය අවසන් වන තුරු පොල්දූව හන්දියෙන් සහ කියන්හෑම් හන්දියෙන් පාර්ලිමේන්තු මාර්ගය වසා තැබේ.
එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි.
එම උත්සවය අවසන් වූ වහාම රථ වාහන ගමනාගමනය සඳහා මාර්ගය විවෘත කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.