මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ දිස්ත්‍රික්කයේ නව ජල සම්බන්ධතා හැත්තෑ පන්දහසක් කඩිනමින් ලබාදීමට පියවර.

    මැයි 07, 2024

    කොළඹ දිස්ත්‍රික්කයේ නව ජල සම්බන්ධතා හැත්තෑ පන්දහසක් ලබා දීම අරමුණු කරගෙන ක්‍රියාත්මක අඹතලේ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීමේ සහ බලශක්තිය සුරැකීමේ ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා ලබන දෙසැම්බර් 31 වැනි දා දක්වා කාලය දීර්ඝ කිරීමට ජාතික මෙහෙයුම් මැදිරි කමිටුව තීරණය කරනු ලැබීය.


    ජාතික මෙහෙයුම් මැදිරි කමිටුව අරලියගහ මන්දිරයේදී රැස් වූ අවස්ථාවේදී අඹතලේ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීමේ සහ බලශක්තිය සුරැකීමේ ව්‍යාපෘතිය, මධ්‍යම අධිවේගී මාර්ගය (2 කොටස) මීරිගම සිට කුරුණෑගල දක්වා හිඟ මුදල් ගෙවීම, අබලන් වූ පාලම් 19ක් නැවත ඉදිකිරීම සහ පුළුල් කිරීම, සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන විමෝචන පරීක්ෂණ භාර අරමුදල යන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.
    කොළඹ නගරයේ ජල සැපයුම වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන ආරම්භ වූ අඹතලේ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීමේ සහ බලශක්තිය සුරැකීමේ ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ලබාදීමට එකඟ වූ කාලසීමාව ඉක්මවා මාස හැටක අමතර කාලයක් ලබාදී ඇති නමුත් ව්‍යාපෘතියේ සියයට දහ අටක් වූ ඉතිරි ක්‍රියාකාරකම් සිදුකිරීමට නොහැකි වීම නිසා අදාළ නිලධාරීන් සතු වගකීම ඉටු නොකිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධාරණය කෙරිණි.
    ඒ අනුව ලබන දෙසැම්බර් 31 වෙනිදා වන විට ව්‍යාපෘතිය අවසන් කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට පියවර ගැනීම ජල සම්පාදන මණ්ඩලයේ වගකීම බව මෙහිදී අවධාරණය කෙරිණි.
    මධ්‍යම අධිවේගී මාර්ගය (2 කොටස) මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ බිල්පත් සහ හිඟමුදල් සම්බන්ධයෙන් නැවත වාර්තාවක් සකස් කර මුදල පියවීමට සාකච්ඡා ඇරඹීමට සහ හිඟ මුදල වාරික වශයෙන් පොලී රහිතව ගෙවීමට එකඟත්වයක් ඇතිකර ගැනීමටත් කමිටුව මෙහිදී තීරණය කරණු ලැබීය. ඒ පිළිබඳ කැබිනට් අනුකමිටුවක් අවශ්‍ය බවද අවධාරණය කෙරිණි.
    අධිවේගී මාර්ගයේ මෙම කොටස දැනට භාවිතා වෙන කොටස බැවින් මූල්‍ය විචලනයක් ඇතිවීමට හේතුව පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරිණි.
    මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ජාතික මහා මාර්ග පද්ධතිය තුළ පවතින මෑත කාලයේදී සංවර්ධනය වී නොමැති පළාත් හයකට අයත් අබලන් පාලම් 19 ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු බව හඳුනාගෙන තිබේ. 2024 වර්ෂය සඳහා අමාත්‍යාංශයට වෙන්කළ ප්‍රතිපාදන මුදල පාලම් ප්‍රතිසංස්කරණය සඳහා ප්‍රමාණවත් නොවන බැවින් දේශීය හෝ විදේශීය ප්‍රතිපාදන මූල්‍ය මූලාශ්‍ර ලබාදීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරිණී.
    මෙම පාලම් අවසන් වරට නඩත්තු කොට ඇත්තේ මීට අවුරුදු හැත්තෑවකට හෝ අසූවකට පෙරය. පාලම් ප්‍රතිසංස්කරණය සඳහා බිලියන 9.8 ක් අවශ්‍ය නමුත් මේ අවස්ථාවේ ප්‍රතිපාදන වෙන් කිරීමට අමාරු තත්වයක් පවතීන බැවින් ප්‍රතිපාදන වෙන් කර ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීමට තීරණය කෙරිණි.
    වායු විමෝචන භාරකාර අරමුදල පවත්වාගෙන යාම සහ ව්‍යාපෘති කාර්යාලයක් ප්‍රවාහන කොමසාරිස් කාර්යාල යටතේ පවත්වාගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩලයේ තීරණය ලබාදීමට හැකිවන පරිදි සියලුම පාර්ශවයන් සමඟ සාකච්ඡා කර නිර්දේශ ඉදිරිපත් කිරීමට කිරීම ජාතික මෙහෙයුම් මැදිරි කමිටුව පෙර උපදෙස් ලබා දී ඇත.
    ජාතික මෙහෙයුම් මැදිරිය වෙතින් ලබා දුන් නිර්දේශ නැවත අදාළ පාර්ශවයන් හා සාකච්ඡා කර යළි ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් මීට පෙර ලබා දී ඇත.
    ඒ අනුව අදාල අමාත්‍යාංශ ලේකම්වරුන් හා පාර්ශ්වයන් සමග සාකච්ඡා කර ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මෙහිදී සාකච්ඡා කෙරුණි.
    වායු විමෝචන භාරකාර අරමුදල නැවත ස්ථාපිත කිරීම පිළිබඳව මේ වන විටත් ඉදිරිපත්වී නොමැති වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යාංශයේ නිරීක්ෂණ හා නිර්දේශ පිළිබඳව අදහස් ලබා ගැනීමටත් ප්‍රවාහන හා මහා මාර්ග සහ පරිසර අමාත්‍යාංශ විසින් වාහන වායු විමෝචන භාරකාර අරමුදල නැවත ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නිරීක්ෂණය හා නිර්දේශ පිළිබඳ සලකා බැලීමටත් අමාත්‍ය මණ්ඩලය වෙත ඒ පිළිබඳ අවසන් තීරණය දැනුම් දීමටත් මෙහිදී තීරණය කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya